
චීන මහජන විමුක්ති හමුදාවේ නැගෙනහිර විධානය තායිවාන දූපතේ දකුණු හා උතුරු දිශාවන්හි යුද අභ්‍යාසය අද (30)දෙවැනි දිනටත් අඛණ්ඩව ක්‍රියාත්මක කරයි. විශාල නෞකා, ප්‍රහාරක ගුවන් යානාද එක්ව සිටී. ඉලක්කයන් හඳුනා ගැනීම, අනතුරු අඟවා අදාළ ප්‍රදේශයෙන් ඉලක්කයන් ඉවත් කිරීම, ආකෘති ප්‍රහාර මෙන්ම සමුද්‍රීය ප්‍රහාර, ගුවන් යානා හා සබ්මැරීන් විරෝධී ප්‍රහාර එම යුධ අභ්‍යාසයට ඇතුළත්ය. චීන මහජන විමුක්ති හමුදාවේ සමුද්‍ර-ගුවන් සම්බන්ධීකරණය හා ඒකාබද්ධ අවහිර කිරීම් හා පාලන කිරීමේ හැකියාවන් එම යුද අභ්‍යාසය මගින් පරීක්ෂාවට ලක් කෙරේ.
මේ අතර චීන මහජන විමුක්ති හමුදාවේ නැගෙනහිර විධානය විසින් මෙවර යුද අභ්‍යාසය තේමා ගත පෝස්ටරයක් ද නිකුත් කර තිබේ. එහි තේමාව “Justice Hammer, Blockade and Disruption”යන්නයි.
More Stories
චීන මහජන දේශපාලන උපදේශක සභාවේ 14වැනි ජාතික කමිටුවේ සිව්වන සැසිවාරය පිළිබඳ මාධ්‍ය හමුව මාර්තු 3වැනිදා පැවැත්වේ
මැද පෙරදිග ප්‍රදේශයේ තත්ත්වය පිළිබඳව චීන-රුසියානු විදේශ අමාත්‍යවරුන් අතර දුරකථන සාකාච්ඡාවක්
ඉරාන උත්තරීතර නායකයා ඝාතනය කිරීම චීනය දැඩිව හෙළා දකී