චීන මාධ්‍ය සමූහය විසින් පවත්වනු ලබන 2026 වසරේ වසන්ත උත්සව රාත්‍රී ප්‍රසංගය වෙනුවෙන් ඉදිරිපත් කෙරෙන සංස්කෘතික නිර්මාණ නිෂ්පාදිත සහ සුබ සලකුණු එළි දැක්වීමේ උත්සවය ඊයේ(18) බෙයිජිංහිදී පැවැත්විණ.

චීන මාධ්‍ය සමූහයේ කර්තෘ මණ්ඩල සාමාජික Peng Jianming මහතා ඇතුළු නියෝජිතවරුන් එම උත්සවයට සහභාගි වී 2026 වසන්ත උත්සවය සඳහා සංස්කෘතික නිර්මාණ නිෂ්පාදිත නිකුත් කරමින් චීන මාධ්‍ය සමූහයේ නිර්මාණාත්මක සහයෝගිතා සැලැස්ම ආරම්භ කර ඇත.

චීන මාධ්‍ය සමූහය වසන්ත උත්සව රාත්‍රී ප්‍රසංගය පිළිබඳ සන්නාම ගොඩනැගීම ක්‍රමානුකූලව ප්‍රවර්ධනය කරන බව Peng Jianming මහතා එහිදී පැවසීය. එහිදී එළි දැක්වූ 2026 වසරේ චීන වසන්ත උත්සව රාත්‍රී ප්‍රසංගයේ සුබ සලකුණු, සංස්කෘතික නිර්මාණ නිෂ්පාදිත සහ උත්සව තෑගි භාණ්ඩ ඇතුළු විවිධ නිෂ්පාදනවලින් සමන්විත වේ. චීන මාධ්‍ය සමූහය, වසර පුරා උත්සව සංස්කෘතික නවෝත්පාදන පද්ධතියක් ප්‍රවර්ධනය කිරීම අඛණ්ඩව ක්‍රියා කරනු ඇති බව ද හෙතෙම කියා සිටියේය.
More Stories
චීන විදේශ අමාත්‍යවරයා හා ඊශ්‍රායල විදේශ අමාත්‍යවරයා අතර දුරකථන සංවාදයක්
චීනයේ විවෘත කිරීමේ දොරටු තව තවත් පුළුල් ලෙස විවෘත වනු ඇති බව ප්‍රකාශ කෙරේ
මැදපෙරදිග ගැටුම සම්බන්ධයෙන් චීනය සිය ස්ථාවරය පැහැදිලි කරයි