ජපානය අවංකව සිය වැරදි ප්‍රකාශ ඉල්ලා අස්කර ගත යුතු බව චීන විදේශ අමාත්‍යංශයේ ප්‍රකාශක ලින් ජියන් මහතා පවසයි.
ඔහු එසේ පැවසුවේ ඊයේ(1) බෙයිජිංහි පැවති නිත්‍ය මාධ්‍ය හමුවකට එක්වෙමින් වාර්තාකරුවෙකුගේ ප්‍රශ්නයට පිළිතුරු දෙමිනි.
ජපානයට ‘තායිවාන ප්‍රදේශයේ නීතිමය තත්ත්වය හඳුනාගත නොහැකි’ යැයි ජපාන අගමැතිනිය ප්‍රකාශ කළ බව සඳහන් කරමින්, මේ සම්බන්ධයෙන් චීනයේ ස්ථාවරය කුමක් දැයි එම වාර්තාකරුවා විමසීය.
තායිවාන ප්‍රශ්නය සම්බන්ධයෙන් ජපානය තම ස්ථාවරය ඍජුව ප්‍රකාශ නොකොට අපැහැදිලි කරුණු නැවත නැවතත් ප්‍රකාශ කර ඇති අතර, තම ස්ථාවරය සම්පූර්ණයෙන්ම පහදා දීමට පවා අපොහොසත් වී ඇති බව ලින් ජියන් මහතා පෙන්වා දුන්නේය.
ජපානයේ ඇතැම් බලවේග, “සාම ව්‍යවස්ථාවේ” සීමාවන් බිඳදැමීමටත් ජාත්‍යන්තර නීතිය යටතේ දෙවන ලෝක යුද්ධයේ පරාජිත රටක බැඳීම් උල්ලංඝනය කිරීමටත් සෑම උත්සාහයක්ම දරමින් සිටී. මොවුන් කිසි විටෙකත් යුද්ධ කාලයේ ජපානය සිදු කළ දරුණු අපරාධවලට සැබවින්ම මුහුණ දී හෝ ඒවා පිළිබඳව මෙනෙහි කර නොමැත. ඒ වෙනුවට ඔවුන්, සිය ආක්‍රමණශීලීත්වය ව්‍යාජ ලෙස වර්ණනා කර ගනිමින් ඓතිහාසික වරද පිළිබඳව සඳහන් නොකිරීමෙන් ලෝක වාසීන් තුළ ඒ පිළිබඳ මතකය තුරන් කිරීමේ උපක්‍රමය භාවිත කර ඇත.
ඉතිහාසයෙන් ඉගෙන ගනිමින් සිය වරද ගැඹුරින් මෙනෙහි කිරීම ජපානය කළ යුත්තකි. චීනයේ ඉල්ලීම් බැරෑරුම් ලෙස සලකමින් අවංකව සිය වැරදි ප්‍රකාශ ඉල්ලා අස්කර ගෙන ප්‍රායෝගික ක්‍රියා හරහා චීනයට දුන් දේශපාලන පොරොන්දු ඉටු කරන ලෙස චීනය ජපානයෙන් ඉල්ලා සිටින බව ද ලින් ජියන් මහතා කියා සිටියේය.
More Stories
චීන හා වියට්නාම ජනපති ආර්යාවෝ චීන ජාතික මහා රඟහල නරඹති
ඇමරිකාව ඊනියා හේතුවක් මත චීනයට එරෙහිව තීරු බදු පැනවුවහොත් ඒ සම්බන්ධයෙන් දැඩි ප්‍රති පියවර ගන්නා බවට චීනයෙන් ප්‍රකාශයක්
ඉරාන වරායන්ට ඇතුළු වන සහ පිටවන නෞකා ඇමරිකාව අවහිර කිරීම ආතතීන් තවත් උග්‍ර කරන බව චීනය කියයි