‘දිට්වා’සුළි කුණාටුවෙන් ශ්‍රී ලංකාවේ ඇති වූ දරුණු ගංවතුර සහ නායයෑම් හේතුකොට සිදු වූ විශාල ජීවිත හා දේපළ හානි යථා තත්ත්තවයට පත් කිරීම සඳහා චීන රජය අමෙරිකානු ඩොලර් 100,000ක මුදලක් මෙරට ප්‍රදානය කර තිබේ.
ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය නිවේදනය කළේ, චීන රතු කුරුස සමාජය විසින් හදිසි මුදල් ආධාර වශයෙන් ඇමරිකානු ඩොලර් 100,000ක මුදලක් ශ්‍රී ලංකා රතු කුරුස සමාජය වෙත මුදා හැර ඇති බවයි.
එමෙන්ම, ආපදා සහන කටයුතු තවදුරටත් ශක්තිමත් කරමින්, ශ්‍රී ලංකාවේ පිහිටි චීන වාණිජ මණ්ඩලය සහ විදේශීය චීන සංගමය මගින් ද පරිත්‍යාග වැඩසටහන් දියත් කර ඇති අතර, ආපදාවට පත් ප්‍රදේශවලට සහාය වීම සඳහා ඒකාබද්ධව රුපියල් මිලියන 10ක මුදලක් රැස් කර ඇත.
More Stories
චීන – වියට්නාම සබඳතා සංවර්ධනයේ වැදගත්කම චීන ජනපති පෙන්වා දෙයි
මැදපෙරදිග ප්‍රදේශයේ දිගුකාලීන යුද්ධයක් කිසිදු පාර්ශ්වයකට අවශ්‍ය නොවන බව චීනය පවසයි
මැදපෙරදිග ප්රශ්නය පිළිබඳ චීන රජයේ විශේෂ නියෝජිත සහ කුවේටයේ විදේශ ඇමති අතර හමුවක්