පාරිභෝගික භාණ්ඩ සැපයුම හා ඉල්ලුම ගැලපීම තවදුරටත් වැඩිදියුණු කොට පරිභෝජනය ප්‍රවර්ධනය සඳහා වන සැලැස්මක් ඉදිරිපත් කිරීමට, චීන කර්මාන්ත හා තොරතුරු තාක්ෂණ අමාත්‍යාංශය ඇතුළු ආයතන හයක් ඒකාබද්ධව පියවර ගෙන ඇත.
චීන රාජ්‍ය මණ්ඩලයේ ප්‍රවෘත්ති කාර්යාලය අද (27) පැවති ප්‍රතිපත්ති නිකුත් කිරීම පිළිබඳ නිත්‍ය මාධ්‍ය හමුවේදී මේ බව පැවසීය.
එහිදී හෙළි වූයේ, චීනයේ වත්මන් පරිභෝජන ක්ෂේත්‍රය තුළ නව ප්‍රවණතා සහ උණුසුම් මාතෘකා මතුවෙමින් තිබෙන බවයි. එබැවින් මෙම නව සැලැස්ම ක්‍රියාත්මක කිරීම චීනයේ දැවැන්ත දේශීය ඉල්ලුම් වෙළඳපොලෙහි ප්‍රාණවත්භාවය උත්තේජනය කරනු ඇත. ඉදිරි වසර දෙක තුළ, චීන වෙළඳපොලෙහි යුවාන් ට්‍රිලියන ගණනක වටිනාකමින් යුත් පරිභෝජන අංශ 3ක් සහ යුවාන් බිලියන සියයක පමණ වටිනාකමින් යුත් උණුසුම් පරිභෝජන භාණ්ඩ වර්ග 10ක් සඳහා ඉහළ ඉල්ලුමක් ඇති වේ යැයි අපේක්ෂා කෙරෙන බව එහි සඳහන් විය.
අදාළ නිලධාරීන් එහිදී පැවසූ පරිදි, යුවාන් ට්‍රිලියන සංඛ්‍යාත වටිනාකමින් යුත් පරිභෝජන අංශ සඳහා ප්‍රධාන වශයෙන් වැඩිහිටියන් වෙනුවෙන් වන නිෂ්පාදන සහ කෘත්‍රිම බුද්ධි තාක්ෂණයෙන් යුත් වාහන යනාදිය ඇතුළත් වේ. එමෙන්ම යුවාන් බිලියන සියයක පමණ වටිනාකමින් යුත් උණුසුම් පරිභෝජන භාණ්ඩ වර්ග ලෙස ප්‍රධාන වශයෙන් ළදරු හා ළමා නිෂ්පාදන, ස්මාර්ට් තාක්ෂණයෙන් යුත් පැළඳිය හැකි නිෂ්පාදන, රූපලාවන්‍ය ද්‍රව්‍ය, යෝග්‍යතා උපකරණ, සුරතල් සතුන් සඳහා වන ආහාර මෙන්ම සැපයුම් සහ සිවිල් ඩ්‍රෝන යානා යනාදී නිෂ්පාදන ඇතුළත් වේ.
එමගින් දේශීය පාරිභෝගික වෙළඳපොල තුළ ඔරොත්තු දීමේ හැකියාව සහ ප්‍රාණවත්භාවය සැලකිය යුතු ලෙස වැඩිදියුණු කරනු ඇතැයි අපේක්ෂා කළ හැකි බව චීන කර්මාන්ත හා තොරතුරු තාක්ෂණ උප අමාත්‍ය Xie Yuansheng මහතා එහිදී පැවසීය.
More Stories
චීන විදේශ අමාත්‍යවරයා සහ කැනේඩියාවේ අගමැතිවරයා අතර හමුවක්
යුරෝපා කොමිසම වෙනස් ව සැලකීමේ සීමාවන් ක්‍රියාත්මක කරන්නේ නම් චීනය දැඩි ප්‍රති පියවර ගනු ඇත-චීන වාණිජ අමාත්‍යාංශය
Shenzhou 21 ගගනගාමීහූ සාර්ථකව යානයෙන් පිටතට පැමිණෙති