ෂී ජින්පිං ජනාධිපතිවරයා තායිවාන ප්‍රදේශය සම්බන්ධයෙන් පළ කළ ප්‍රකාශ වැදගත් උපදෙස් ලබා දීමක් බව චීන රාජ්‍ය මණ්ඩලයේ තායිවාන කටයුතු කාර්යාලයේ ප්‍රකාශක Peng Qing’en මහතා ප්‍රකාශ කරයි. ඔහු එසේ ප්‍රකාශ කළේ අද(26) පැවති නිත්‍ය මාධ්‍ය හමුවකදී වාර්තාකරුවෙකුගේ ප්‍රශ්නයට පිළිතුරු දෙමිනි. ජනාධිපති ෂී ජින්පිං මහතා පසුගිය 24 වනදා ඇමරිකානු ජනාධිපතිවරයා සමඟ දුරකථන සංවාදයක නිරත වෙමින් තායිවාන ප්‍රදේශයේ ස්වෛරීභාවය චීනයට යළි හිමිවීම, පශ්චාත් යුද ජාත්‍යන්තර පිළිවෙලෙහි වැදගත් අංගයක් බව අවධාරණය කළේය. මේ පිළිබඳ ව අර්ථ දක්වන්නේ කෙසේ දැයි එම වාර්තාකරුවා එහිදී විමසා තිබේ.
ෂී ජින්පිං ජනාධිපතිවරයාගේ ප්‍රකාශ තායිවාන ප්‍රදේශය සමග වැඩකටයුතු සඳහා වැදගත් උපදෙස් දීමක් බව Peng Qing’en මහතා ප්‍රකාශ කරයි. තායිවාන සමුද්‍ර සන්ධියේ දෙපසම සිටින ස්වදේශිකයන් එක්සත් කර ගෙන, ඉතිහාසය ඒකාබද්ධව මතක තබා ගනිමින් දෙවන ලෝක යුද්ධයේ ජයග්‍රහණ පොදුවේ ආරක්ෂා කරමින් වඩා හොඳ අනාගතයක් නිර්මාණය කිරීමට තම පාර්ශ්වය නියැලී සිටින බව ද ඔහු කීය. එමෙන්ම “තායිවාන නිදහස” අරමුණු කරගත් බෙදුම්වාදී ක්‍රියාකාරකම්වලට දැඩි ලෙස විරුද්ධ වේ. තායිවාන සමුද්‍ර සන්ධි දෙපස සබඳතා සාමකාමීව සංවර්ධනය කිරීම ප්‍රවර්ධනය කරමින් චීන ජාතියේ පොදු නිජබිම ආරක්ෂා කිරීමට සහ චීන ජාතිය සඳහා දිගුකාලීන යහපැවැත්මක් ඒකාබද්ධව නිර්මාණය කිරීමට එක්ව කටයුතු කරන බව ද ඔහු පැවසීය.
More Stories
චීන හා වියට්නාම ජනපති ආර්යාවෝ චීන ජාතික මහා රඟහල නරඹති
ඇමරිකාව ඊනියා හේතුවක් මත චීනයට එරෙහිව තීරු බදු පැනවුවහොත් ඒ සම්බන්ධයෙන් දැඩි ප්‍රති පියවර ගන්නා බවට චීනයෙන් ප්‍රකාශයක්
ඉරාන වරායන්ට ඇතුළු වන සහ පිටවන නෞකා ඇමරිකාව අවහිර කිරීම ආතතීන් තවත් උග්‍ර කරන බව චීනය කියයි