චීන කොමියුනිස්ට් පක්ෂ මධ්‍යම කාරක සභාවේ දේශපාලන කාර්යංශයේ සාමාජික, උප අග්‍රාමාත්‍ය He Lifeng මහතා ඇමරිකා ජනාධිපතිවරයාගේ හිටපු ජාතික ආරක්ෂක කටයුතු පිළිබඳ උපදේශක, අත්ලන්තික් කවුන්සිලයේ අධ්‍යක්ෂ මණ්ඩලයේ විධායක නියෝජ්‍ය සභාපති Stephen John Hadley මහතා හමු වෙයි. ඒ ඊයේ(21) සවස බෙයිජිං හි මහජන මහා ශාලාවේ දී ය.
දෙරට රාජ්‍ය නායකයන් දකුණු කොරියාවේ Busan හි සිදු කර ඇති සාර්ථක හමුවීමෙන් දෙරටේ ආර්ථික හා වෙළඳ සබඳතාවේ ඉදිරි සංවර්ධන දිශානතියට මාර්ගෝපදේශ ලබා දී ඇති බව චීන උප අග්‍රමාත්‍යවරයා එහිදී පැවසීය. අත්ලන්තික් කවුන්සිලයට ඵලදායී කාර්යභාරයන් ඉටු කරමින් දෙරටේ ආර්ථික හා වෙළඳ සබඳතාවේ නිසි වර්ධනය තහවුරු කළ හැකි වෙතැයි අපේක්ෂා කරන බව ද හෙතෙම කියා සිටියේය.
දෙරට රාජ්‍ය නායකයන් එම හමුවේදී ලබා ගෙන ඇති ප්‍රගතීන් අගය කළ Stephen John Hadley මහතා ඇමරිකා-චීන සබඳතා ස්ථිර මට්ටමක පැවතීම අතිශය වැදගත් බව පැවසීය. දෙරටේ හුවමාරු හා සංවාද තවදුරටත් සහතික කිරීමට තමා සූදානම් බව ද ඔහු සඳහන් කර තිබේ.
More Stories
10 වැනි චීන-දකුණු ආසියානු ප්‍රදර්ශනය ඇරඹේ
රාජ්‍ය සංචාරයක් සඳහා උතුරු කොරියාවට පැමිණි චීන ජනපති වෙත උණුසුම් පිළිගැනීමක්
චීන ජනපති උතුරු කොරියාවේ රාජ්‍ය සංචාරයකට බෙයිජිං නගරයෙන් පිටත් වේ