එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ නිත්‍ය සාමාජික රටක් බවට පත්වීමට ජපානයට කිසිදු සුදුසුකමක් නොමැති බව චීනය පවසයි.
එක්සත් ජාතීන්ගේ චීන ස්ථාවර නියෝජිත Fu Cong මහතා ඊයේ (18) ආරක්ෂක මණ්ඩලයේ ප්‍රතිසංස්කරණ ප්‍රශ්නය පිළිබඳ පූර්ණ සැසියේදී මේ බව ප්‍රකාශ කළේය.
පසුගිය දා ජපාන අගමැතිනි Sanae Takaichi චීනයේ තායිවාන ප්‍රදේශය හා සම්බන්ධ ව සිදු කළ ප්‍රකෝපකාරී ප්‍රකාශ අතිශයින්ම වැරදි සහ භයානක බව Fu Cong මහතා එහිදී පැවසීය. එය චීනයේ අභ්‍යන්තර කටයුතුවලට සිදු කරන දැඩි මැදිහත්වීමක් පමණක් නොව, එකම චීනය මූලධර්මය මෙන්ම චීන-ජපාන දේශපාලන සිව් ලේඛන චින්තනය දැඩි ලෙස උල්ලංඝනය කිරීමකි. එය ජාත්‍යන්තර යුක්තියට සිදු කළ තර්ජනයක් පමණක් නොව පශ්චාත් දෙවන ලෝක යුධ ජාත්‍යන්තර පටිපාටිය ද විනාශ කරන ප්‍රකාශයන් බව හෙතෙම කීය. එමෙන්ම සාම ගමනේ ඉදිරියට යාම පිළිබඳ ජපානය ලබා දුන් ප්‍රතිඥාවන්ද විවෘත ලෙස බිඳ දැමීමකි. එවැනි රටකට එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ නිත්‍ය සාමාජිකයෙකු බවට පත්වීමට සුදුසුකමක් නොමැති බව හෙතෙම අවධාරණය කළේය.
තායිවාන සමුද්‍ර සන්ධි දෙපස තත්ත්වයට ජපානය යුදමය මැදිහත්වීමක් සිදු කළහොත් එය ආක්‍රමණශීලී ක්‍රියාවක් වනු ඇති අතර ඊට චීනයේ දරුණු ප්‍රතිප්‍රහාර නිසැක බවද Fu Cong මහතා පැවසීය. එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තිය සහ ජාත්‍යන්තර නීතියෙන් හිමි වන ආත්මාරක්ෂක අයිතිය චීනය ස්ථිර ලෙස භාවිත කරමින් සිය රටේ ස්වාධිපත්‍යය හා භෞමික අඛණ්ඩතාව දැඩි ලෙස ආරක්ෂා කරන බවද එක්සත් ජාතීන්ගේ චීන ස්ථාවර නියෝජිතයා ප්‍රකාශ කළේය.
More Stories
චීන හා වියට්නාම ජනපති ආර්යාවෝ චීන ජාතික මහා රඟහල නරඹති
ඇමරිකාව ඊනියා හේතුවක් මත චීනයට එරෙහිව තීරු බදු පැනවුවහොත් ඒ සම්බන්ධයෙන් දැඩි ප්‍රති පියවර ගන්නා බවට චීනයෙන් ප්‍රකාශයක්
ඉරාන වරායන්ට ඇතුළු වන සහ පිටවන නෞකා ඇමරිකාව අවහිර කිරීම ආතතීන් තවත් උග්‍ර කරන බව චීනය කියයි