ශ්‍රී ලංකාවේ අපනයන 2025 පළමු මාස 06 තුළ කැපී පෙනෙන ප්‍රගතියක් පෙන්නුම් කරමින් සමස්ත අපනයන ඇමරිකානු ඩොලර් මිලියන 8,337.86කට ළඟා වී තිබේ. එය 2024 වර්ෂයේ එම කාල සීමාවට සාපේක්ෂව 6.7%ක වර්ධනයකි.
මේ අතර 2024 වසරට සාපේක්ෂව මේ වසරේ මුල් මාස 06 තුළ රුපියල් බිලියන 460 කින් රාජ්‍ය ආදායම වැඩි වී ඇති බව මහාචාර්ය වසන්ත අතුකෝරාල මහතා පැවසීය. ඒ අනුව මේ වසරේ මුල් මාස 06 තුළ රජයේ ආදායම රුපියල් බිලියන 2325ක් වේ. එය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අපේක්ෂා කළ රජයේ ආදායම සහ අයවැයෙන් අපේක්ෂා කළ රාජ්‍ය ආදායම ඉක්මවා යාමක් බව ද ඒ මහතා පෙන්වා දුන්නේය. මේ වසරේ මුල් මාස 06 තුළ උද්ධමනය ද සැලකිය යුතු මට්ටමකින් පාලනය වී තිබෙන බව මහාචාර්යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
More Stories
චීන ජාතික මහජන කොංග්‍රසයේ වාර්ෂික සැසිවාරය බෙයිජිංහිදී ඇරඹේ
තායිවාන ස්වාධීනත්වයට සහාය දැක්වීම චීන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සහ ජාත්‍යන්තර නිතීය උල්ලංඝනය කිරීමක්–චීන විදේශ ඇමතිවරයා
චීනයෙන් ශ්‍රී ලංකාවට හදිසි සහනාධාර