“11-11” මිල දී ගැනීම් අනුව චීනයේ භාණ්ඩ බෙදාහැරීමේ පරිමාව වාර්තාගත ලෙස ඉහළ ගොස් ඇත. චීන රාජ්‍ය තැපැල් කාර්යාංශයේ දත්තවලට අනුව ඔක්තෝබර් 21 සිට නොවැම්බර් මස මැද දක්වා පැවති “11- 11” මාර්ගගත සාප්පු සවාරි සැණකෙළියේ දී භාණ්ඩ ඇණවුම් පාර්සල් බිලියන 13.94ක් හසුරවා තිබේ.
එම කාලය තුළ බෙදා හැරිම් සිදු කළ දෛනික සාමාන්‍ය පාර්සල් ප්‍රමාණය මිලියන 634ක් වූ අතර එය සාමාන්‍ය කාලවල දෛනික ව්‍යාපාර පරිමාවෙන් 1.18 ගුණයක් වීම විශේෂත්වයකි. දෛනික පාර්සල් බෙදා හැරීමේ ඉහළම අගය මිලියන 777ක් වූ අතර එය නව වාර්තාවක් සනිටුහන් කිරීමක් බව වාර්තා වේ.
මෙම වසරේදී ද “11-11” සාප්පු සැණකෙළියේ දී තැපැල් සේවා බාධාවකින් තොරව සුමටව ක්‍රියාත්මක වීම සඳහා විශේෂ පියවර ගෙන තිබිණ. එබැවින් භාණ්ඩ බෙදාහැරීමේ ධාරිතාව පමණක් නොව එහි කාර්යක්ෂමතාවය ද වැඩි දියුණු වී ඇත. 2009 වසරේදී ඇරඹි මෙම “11-11” සාප්පු සවාරි සැණකෙළිය ලොව විශාලතම පාරිභෝගික වෙළඳපොලක් වන චීනයේ ශක්තිමත් පාරිභෝගික වියදම් උත්තේජනය කිරීමට සමත් ව තිබේ.
More Stories
චීන විදේශ අමාත්‍යවරයා සහ කැනේඩියාවේ අගමැතිවරයා අතර හමුවක්
යුරෝපා කොමිසම වෙනස් ව සැලකීමේ සීමාවන් ක්‍රියාත්මක කරන්නේ නම් චීනය දැඩි ප්‍රති පියවර ගනු ඇත-චීන වාණිජ අමාත්‍යාංශය
Shenzhou 21 ගගනගාමීහූ සාර්ථකව යානයෙන් පිටතට පැමිණෙති