චීන ජනාධිපති ආර්යා Peng Liyuan මහත්මිය චීනයේ සංචාරයක නිරත ස්පාඤ්ඤයේ Letizia රජ බිසව සමග බෙයිජිං නුවර පිහිටි ආබාධිතයන් සඳහා වන සේවා මධ්‍යස්ථානය නරඹති. අද(12) පෙරවරුවේ එහි ප්‍රදර්ශන ශාලාවට පැමිණි එම දෙපළ උසස් තාක්ෂණ ආබාධිත සහායක නිෂ්පාදන හා ලාභ නොලබන කියවීම් ප්‍රදේශයේදී ආබාධිත සහායක නිෂ්පාදන, ආබාධ සහිත දරුවන් වෙනුවෙන් ක්‍රියාත්මක කියවීමේ ක්‍රියාකාරකම් හා රටේ බාධා රහිත පහසුකම් පිළිබඳ අවබෝධ කර ගත්හ.
චීන ජනපති ආර්යාව හා ස්පාඤ්ඤ රජ බිසව එහිදී ආබාධ සහිත පුද්ගලයක් සමග සුහද පිළිසඳරකද නිරත වූහ. එහිදී අදහස් දැක්වූ චීන ජනපති ආර්යාව සඳහන් කළේ ආබාධ සහිත පුද්ගලයන් ගේ සිහින යථාර්ථයක් බවට පත්කර ගැනීම සඳහා චීනය හා ස්පාඤ්ඤය හුවමාරු හා සහයෝගතා වර්ධනය කිරීමට ක්‍රියා කරනු ඇති බවට අපේක්ෂා කරන බවයි. චීනය ආබාධ සහිත පුද්ගලයන්ගේ විශේෂයෙන් ආබාධ සහිත කාන්තාවන් ගේ රැකියා නියුක්ති තත්ත්වය සම්බන්ධයෙන් ලබා ඇති ජයග්‍රහණ ස්පාඤ්ඤ රජ බිසව ඉහළන් අගය කළාය.
More Stories
චීන හා වියට්නාම ජනපති ආර්යාවෝ චීන ජාතික මහා රඟහල නරඹති
ඇමරිකාව ඊනියා හේතුවක් මත චීනයට එරෙහිව තීරු බදු පැනවුවහොත් ඒ සම්බන්ධයෙන් දැඩි ප්‍රති පියවර ගන්නා බවට චීනයෙන් ප්‍රකාශයක්
ඉරාන වරායන්ට ඇතුළු වන සහ පිටවන නෞකා ඇමරිකාව අවහිර කිරීම ආතතීන් තවත් උග්‍ර කරන බව චීනය කියයි