චීන මාධ්‍ය සමූහයට අයත්, චයිනා ග්ලෝබල් ටෙලිවිෂන් නෙට්වර්ක් හෙවත් CGTN මාධ්‍ය නාලිකාව, ගෝලීය ප්‍රේක්ෂකයින්ට අන්තර්ජාලය ඔස්සේ නොමිලයේ නැරඹිය හැකි දැන්වීම් සහය සහිත රූපවාහිනී නාලිකා තුනක් අද (06) මුල්වරට නිල වශයෙන් දියත් කළේය.

CGTN Global Business, China Travel සහ Discovering China, එම රූපවාහිනී නාලිකා ත්‍රිත්වයයි. ජාත්‍යන්තර FAST වේදිකා 10කට අධික සංඛ්‍යාවක් ඔස්සේ පැය 24 පුරාම නැරඹිය හැකි මෙම නාලිකා හරහා මිලියන 200කට ආසන්න පරිශීලකයින් වෙත ළඟා විය හැකි වේ. මෙම දියත් කිරීම ජාත්‍යන්තර සන්නිවේදනයේ නව මාදිලි දක්වා ව්‍යාප්ත වීම සඳහා වන CGTN නාලිකාවේ උපාය මාර්ගයන් හි ප්‍රධාන පියවරක් සනිටුහන් කිරීමකි.

මෙම සෑම නාලිකාවක්ම විදෙස් ප්‍රේක්ෂක අවශ්‍යතා සපුරාලීම වෙනුවෙන් සකසන ලද නිශ්චිත අන්තර්ගතයන් කෙරෙහි විශේෂ අවධානය යොමු කර ඇත. එහිදී ගෝලීය නරඹන්නන් වෙත චීනයේ ආර්ථික ප්‍රතිපත්ති සහ වෙළඳපළ අවස්ථා පිළිබඳ අවබෝධයක් ලබා ගත හැකි වන සේ වෙළඳපළ යාවත්කාලීන කිරීම් මෙන්ම ගැඹුරු විශ්ලේෂණයන් සහ සම්මුඛ සාකච්ඡා ලබා දීම යනාදිය සමඟින් පැය 24 පුරා මූල්‍ය තොරතුරු පිළිබඳ සේවාවන් සැපයීම CGTN Global Business නාලිකාවේ අරමුණ වී තිබේ.
එමෙන්ම China Travel නාලිකාව තුළින් වත්මන් චීන සංචාරක ව්‍යාපාරය සහ ජීවන රටාවන් වෙත පිවිසීමක් ලබා දෙන අතර නූතන චීනය ලෝකයා වෙත රැගෙන යාම මූලික වී ඇත.
Discovering China නාලිකාව ඔස්සේ, චීන නවීකරණය සහ සංස්කෘතික හුවමාරු සමඟින් ලබා ගන්නා ජයග්‍රහණ ඉස්මතු කරමින්, චීනයේ සංවර්ධනය සහ සංස්කෘතික ආකර්ෂණය පිළිබඳ පුළුල් අදහසක් ඉදිරිපත් කෙරෙන නිර්මාණශීලී වාර්තා වැඩසටහන් විකාශය කිරීමට පියවර ගෙන ඇත.
More Stories
චීන හා වියට්නාම ජනපති ආර්යාවෝ චීන ජාතික මහා රඟහල නරඹති
ඇමරිකාව ඊනියා හේතුවක් මත චීනයට එරෙහිව තීරු බදු පැනවුවහොත් ඒ සම්බන්ධයෙන් දැඩි ප්‍රති පියවර ගන්නා බවට චීනයෙන් ප්‍රකාශයක්
ඉරාන වරායන්ට ඇතුළු වන සහ පිටවන නෞකා ඇමරිකාව අවහිර කිරීම ආතතීන් තවත් උග්‍ර කරන බව චීනය කියයි