චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ දේශපාලන කාර්යාංශ සාමාජික, විදේශ අමාත්‍ය වං යී මහතා චීන ජනාධිපති ෂී ජින් පිං මහතාගේ දකුණු කොරියානු සංචාරය පිළිබඳව කරුණු විග්‍රහ කරයි.
පසුගිය 30 වැනිදා සිට ඊයේ(1) දක්වා චීන ජනාධිපති ෂී ජින් පිං මහතා දකුණු කොරියාවේ Gyeongju නගරයේ පැවති APEC නායකයින්ගේ 32 වන නිල නොවන රැස්වීමට සමගාමීව, දකුණු කොරියාවේ නිල සංචාරයක නිරත වූයේ විශේෂ ඇරයුමකට අනුව යි.
චීන කොමියුනිස්ට් පක්ෂයේ 20වැනි මාධ්‍යම කාරක සභාවේ සිව්වන සූර්ණ සැසිය සාර්ථකව අවසන් වීමෙන් පසු චීන රාජ්‍ය නායකයා නිරත වූ ප්‍රධාන රාජ්‍යතාන්ත්‍රික කටයුත්ත මෙය වන බව වං යී මහතා කියා සිටියේය.
ෂී ජින් පිං මහතා එම තෙදින චාරිකාව අතරතුර බහුපාර්ශ්වික හා ද්විපාර්ශ්වික ක්‍රියාකාරකම් 10කට අධික සංඛ්‍යාවකට සහභාගි විය. ආසියා-පැසිෆික් සහයෝගීතාවයට නායකත්වය ලබා දෙමින් දැවැන්ත රටක නායකයෙක් ලෙස තම වගකීම පෙන්නුම් කරමින් යහපත් අසල්වැසි සබඳතා සහ මිත්‍රත්වය තහවුරු කොට ඇති අතර චීන පාලනයේ විසඳුම් බෙදා ගැනීමේ කාර්යයන් මෙම සංචාරයෙන් අරුත් ගැන්වෙන බව වං යී මහතා පැවසීය.
චීනය අවිනිශ්චිතතාවයෙන් පිරුණු ලෝකයට මහඟු ස්ථාවරත්වයක් ලබා දී ඇතැයි ජාත්‍යන්තර මාධ්‍ය විශ්වාස කරන බව වං යී මහතා කියා සිටියේය. ජාත්‍යන්තර පටිපාටිය සහ ආසියා-පැසිෆික් කලාපීය සහයෝගීතාව කෙරෙහි චීනයේ බලපෑම අඛණ්ඩව වර්ධනය වෙමින් පවතින බව එම මාධ්‍ය වාර්තා කර ඇතැයි ද ඔහු වැඩිදුරටත් පැවසීය.
More Stories
චීන විදේශ අමාත්‍යවරයා සහ කැනේඩියාවේ අගමැතිවරයා අතර හමුවක්
යුරෝපා කොමිසම වෙනස් ව සැලකීමේ සීමාවන් ක්‍රියාත්මක කරන්නේ නම් චීනය දැඩි ප්‍රති පියවර ගනු ඇත-චීන වාණිජ අමාත්‍යාංශය
Shenzhou 21 ගගනගාමීහූ සාර්ථකව යානයෙන් පිටතට පැමිණෙති