ජාත්‍යන්තර න්‍යෂ්ටික නිරායුධකරණය සහ න්‍යෂ්ටික අවි ව්‍යාප්ත නොකිරීමේ තන්ත්‍රය ආරක්ෂා කිරීම සඳහා ඇමරිකාව ප්‍රායෝගික ක්‍රියාමාර්ග ගැනීමට බලාපොරොත්තු වන බව චීන විදේශ අමාත්‍යාංශය පවසයි.
එහි ප්‍රකාශක Guo Jiakun මහතා ඊයේ(30) පැවති මාධ්‍ය හමුවේදී ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ගේ න්‍යෂ්ටික අවි පිළිබඳ ප්‍රකාශය සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් මේ බව පැවසීය.
විස්තීර්ණ න්‍යෂ්ටික පරීක්ෂණ තහනම් ගිවිසුම යටතේ ඇති වගකීම සහ න්‍යෂ්ටික අත්හදා බැලීම් අත්හිටුවීමට ඇති කැපවීමට ඇමරිකාව අවංකවම අනුකූල වනු ඇතැයි චීනය අපේක්ෂා කරන බව ද Guo Jiakun මහතා එහිදී කියා සිටියේය.
More Stories
චීන ඊජිප්තු සම්බන්ධතාවය ගොඩනැගීමේ 70වන සංවත්සරය වෙනුවෙන් දෙරට ජනපතිවරුන්ගෙන් සුබ පැතුම්
බහුධ්‍රැවීයකරණ ලෝකයක් හා නව ආකාරයේ ජාත්‍යන්තර සබඳතා මුලපිරීමක් පිළිබඳ චීන-රුසියානු ඒකාබද්ධ ප්‍රකාශය
රුසියානු ජනපතිගේ චීන නිල සංචාරය ඇරඹේ