චීනය නව චන්ද්‍රිකාවක් සාර්ථකව දියත් කර ඇත. ඒ අද(26) චීනයේ සිචුවාන් පළාතේ පිහිටි Xichang චන්ද්‍රිකා දියත් කිරීමේ මධ්‍යස්ථානයෙනි.
Gaofen-14 02 ලෙස හැඳින්වෙන මෙම චන්ද්‍රිකාව බෙයිජිං වේලාවෙන් පෙ.ව. 11:55ට දියත් කර තිබේ. එය Long March-3B වාහක රොකට්ටුව ආධාරයෙන් දියත් කර තිබෙන අතර සැලසුම් කළ පරිදි නියමිත කක්ෂයට සාර්ථකව පිවිස ඇත.
මෙම චන්ද්‍රිකාවට ගෝලීය වශයෙන් ඉහළ නිරවද්‍යතාවයකින් යුත් ත්‍රිමාණ ඡායාරූප ලබා ගැනීමට මෙන්ම ජාතික ආර්ථික සංවර්ධනයට හා ජාතික ආරක්ෂක කටයුතු සඳහා අවශ්‍ය මූලික භූගෝලීය තොරතුරු සැපයීමේ හැකියාව ද පවතී.
මෙය Long March වාහක රොකට් මාලාවේ 603 වැනි දියත් කිරීමයි.
More Stories
චීන හා වියට්නාම ජනපති ආර්යාවෝ චීන ජාතික මහා රඟහල නරඹති
ඇමරිකාව ඊනියා හේතුවක් මත චීනයට එරෙහිව තීරු බදු පැනවුවහොත් ඒ සම්බන්ධයෙන් දැඩි ප්‍රති පියවර ගන්නා බවට චීනයෙන් ප්‍රකාශයක්
ඉරාන වරායන්ට ඇතුළු වන සහ පිටවන නෞකා ඇමරිකාව අවහිර කිරීම ආතතීන් තවත් උග්‍ර කරන බව චීනය කියයි