එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය “එක්සත් ජාතීන්ගේ අනාගතය දෙස බැලීම” යන තේමාවෙන් විවෘත විවාදයක් ඊයේ(24) පැවැත්වීය. එක්සත් ජාතීන්ගේ චීන නිත්‍ය නියෝජිත Fu Cong මහතා එහිදී දේශනයක් සිදු කළේය.
වත්මන් ලෝකය කැළඹිලි සහ වෙනස්කම්වලින් යුත් නව කාල පරිච්ඡේදයකට ඇතුල් වී ඇති බවත්, ගෝලීය පාලන පද්ධතිය දැඩි අභියෝගවලට මුහුණ දෙන බවත් Fu Cong මහතා පැවසීය.
මෙම ඓතිහාසික අවස්ථාවේදී චීන නායකයා විසින් ඉදිරිපත් කෙරුණු ගෝලීය පාලන මුලපිරුම, ගෝලීය පාලන හිඟය පියවා ගනිමින් වඩාත් සාධාරණ ගෝලීය පාලන පද්ධතියක් ගොඩනැගීම ප්‍රවර්ධනය කිරීම සඳහා චීන විසඳුමක් සපයා ඇත.
එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තියේ පරමාදර්ශය හා මූලධර්මයට අනුකූල වන ගෝලීය පාලන මුලපිරුම එක්සත් ජාතීන්ගේ අනාගත සංවර්ධනයට මාර්ගෝපදේශමය වැදගත්කමක් ලබා දෙයි. එක්සත් ජාතීන්ගේ සංවිධානය හරය කරගත් ජාත්‍යන්තර පද්ධතිය ස්ථිරව ආරක්ෂා කරමින් පොදු ඉරණමක් සහිත මානව ප්‍රජාවක් ගොඩනැගීමේ ඉලක්කය සාක්ෂාත් කරගැනීමට චීනය සියලු රටවල් සමඟ එක්ව උත්සාහ කිරීමට කැමැත්තෙන් සිටින බව Fu Cong මහතා එහිදී අවධාරණය කර ඇත.
More Stories
චීන විදේශ අමාත්‍යවරයා හා ඊශ්‍රායල විදේශ අමාත්‍යවරයා අතර දුරකථන සංවාදයක්
චීනයේ විවෘත කිරීමේ දොරටු තව තවත් පුළුල් ලෙස විවෘත වනු ඇති බව ප්‍රකාශ කෙරේ
මැදපෙරදිග ගැටුම සම්බන්ධයෙන් චීනය සිය ස්ථාවරය පැහැදිලි කරයි