14වැනි චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ 18 වැනි රැස්වීම හෙට(24) සිට එළඹෙන 28වැනිදා දක්වා බෙයිජිං හිදී පැවැත්වීමට නියමිතය. චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ නීති කටයුතු කමිටුව අද(23) පැවැත්වූ මාධ්‍ය හමුවකදී මේ බව හෙළි විය.
නාගරික පදිංචිකරුවන්ගේ කමිටු සංවිධාන නීති සංශෝධන කෙටුම්පත, සයිබර් ආරක්ෂණ නීති සංශෝධන කෙටුම්පත සහ පාරිසරික ආරක්ෂණ බදු නීති සංශෝධන කෙටුම්පත යනාදිය මෙම රැස්වීමේදී සමාලෝචනය කෙරෙනු ඇත. එසේම මහජන අවශ්‍යතා සම්බන්ධ නඩු නීති කෙටුම්පත සාකච්ඡා කිරීම සඳහා ඉදිරිපත් කිරීමට ජාතික මහජන කොංග්‍රසයේ අධීක්ෂණ හා අධිකරණ කමිටුවේ යෝජනා කෙටුම්පත එහිදී සමාලෝචනය කිරීමද එහිදී සිදුවෙයි. වගා ඉඩම් ආරක්ෂා කිරීම සහ ගුණාත්මකභාවය වැඩිදියුණු කිරීම පිළිබඳ නීති කෙටුම්පත සාකච්ඡා කිරීම ඉදිරිපත් කිරීමට චීන රාජ්‍ය මණ්ඩලයේ යෝජනා කෙටුම්පත ද එහිදී සමාලෝචනය කෙරෙනු ඇත.
More Stories
චීන මහජන දේශපාලන උපදේශක සභාවේ 14වැනි ජාතික කමිටුවේ සිව්වන සැසිවාරය පිළිබඳ මාධ්‍ය හමුව මාර්තු 3වැනිදා පැවැත්වේ
මැද පෙරදිග ප්‍රදේශයේ තත්ත්වය පිළිබඳව චීන-රුසියානු විදේශ අමාත්‍යවරුන් අතර දුරකථන සාකාච්ඡාවක්
ඉරාන උත්තරීතර නායකයා ඝාතනය කිරීම චීනය දැඩිව හෙළා දකී