ඉන්දියාවේ විදුලි වාහන හා බැටරි සහනාධාර සම්බන්ධයෙන් චීනය ඉන්දියාවට එරෙහිව ලෝක වෙළඳ සංවිධානයට පැමිණිලි කරයි. ඊයේ(15) චීන වාණිජ අමාත්‍යාංශයේ ප්‍රකාශකයෙක් මාධ්‍යවේදියෙකු නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඒ පිළිබඳ තොරතුරු සඳහන් කළේය.
ලෝක වෙළඳ සංවිධානයේ ජාතික සැලකීම් මූලධර්ම රැසක් ඉන්දියාව විසින් උල්ලංඝනය කර තිබේ. එමෙන්ම එය ලෝක වෙළඳ සංවිධානයයේ තහනමට ලක්ව ඇති ආනයන ආදේශන සහනාධාරයන්ය. චීනය ඊට දැඩි ප්‍රතිපියවර යොදා ගනිමින් සිය දේශීය කර්මාන්තවල නීත්‍යනුකූල අයිතිවාසිකම් සහතික කරනු ඇතැයිද එම ප්‍රකාශකයා අවධාරණය කළේය. ඉන්දියාව සිය වැරදි ක්‍රියාව වහාම නිවැරදි කරමින් ලෝක වෙළඳ සංවිධානයට ලබා දුන් ප්‍රතිඥා අනුගමනය කරන ලෙස ද චීනය ඉන්දියාවෙන් ඉල්ලීමක් කළ බව චීන වාණිජ අමාත්‍යංශ ප්‍රකාශකයා පැවසීය.
More Stories
චීන විදේශ අමාත්‍යවරයා සහ කැනේඩියාවේ අගමැතිවරයා අතර හමුවක්
යුරෝපා කොමිසම වෙනස් ව සැලකීමේ සීමාවන් ක්‍රියාත්මක කරන්නේ නම් චීනය දැඩි ප්‍රති පියවර ගනු ඇත-චීන වාණිජ අමාත්‍යාංශය
Shenzhou 21 ගගනගාමීහූ සාර්ථකව යානයෙන් පිටතට පැමිණෙති