සුන් යට්-සෙන් මහතාගේ 160 වැනි ජන්ම දින සැමරුම වෙනුවෙන් සංවිධාන කළ අනුස්මරණ සම්මේලනය අද (12) පෙරවරුවේ බෙයිජිංහිදී උත්කර්ෂවත් ලෙස පැවැත්විණ. චීන කොමියුනිස්ට් පක්ෂ මධ්‍යම කාරක සභාවේ මහලේකම්, ජනාධිපති, මධ්‍යම හමුදා කොමිසමේ සභාපති ෂී ජින්පිං මහතා එම සම්මේලනයට එක් වෙමින් වැදගත් දේශනයක් සිදු කළේය.
චීන කොමියුනිස්ට් පක්ෂ මධ්‍යම කාරක සභාවේ දේශපාලන කාර්යාංශයේ ස්ථාවර කමිටු සාමාජික Li Qiang, Zhao Leji, Wang Huning, Cai Qi, Ding Xuexiang, Li Xi යන මහත්වරු ද එම අවස්ථාවට එක් වූහ.
1911 විප්ලවයට නායකත්වය දුන් සුන් යට්-සෙන් මහතා වසර දහස් ගණනක් පුරා චීනයේ පැවති නිරපේක්ෂ රාජාණ්ඩුව අහෝසි කර ඇත. චීනයේ දැවැන්ත වීරයෙකු, ශ්‍රේෂ්ඨ දේශප්‍රේමියෙකු මෙන්ම චීන ප්රජාතන්ත්රවාදී විප්ලවයේ ප්‍රබල පුරෝගාමියෙකු ලෙස හෙතෙම චීන ජනතාවට හා ජාතියට දැවැන්ත නායකත්වයක් ලබා දුන් බව ෂී ජින්පිං මහතා එහිදී ප්‍රකාශ කළේය.
චීන කොමියුනිස්ට්වාදීන්, සුන් යට්-සෙන් මහතාගේ විප්ලවවාදී මෙහෙවරෙහි නොසැලෙන ආධාරකරුවන් ලෙසත්, විශ්වසනීය සහායකයන් ලෙසත්, අවංක අනුප්රාප්තිකයන් ලෙසත් කටයුතු කරන බව ෂී ජින්පිං මහතා සඳහන් කළේය.
ඔහුගේ වටිනා ජීවගුණය අධ්‍යයනය කිරීම, උරුම කරගැනීම මෙන්ම ප්‍රචාරය කිරීම මගින් ශක්තිමත් රටක් ගොඩනැඟීම සහ ජාතික පුනර්ජීවනය අඛණ්ඩව ඉදිරියට ගෙන යාම සුන් යට්-සෙන් මහතාට පිදිය හැකි ඉහළතම ගෞරවය බව ද චීන ජනපතිවරයා පැවසීය.
එම ජීවගුණය අධ්‍යයනය කිරීම, උරුම කරගැනීම මෙන්ම ප්‍රචාරය කිරීම සඳහා දේශප්‍රේමය ඉහළින් අගය කරමින්, මව්බිමේ සමෘද්ධිය හා ශක්තිය සාක්ෂාත් කර ගැනීමට උත්සාහ දැරිය යුතුය. ජනතාවට සැමවිටම මුල්තැන දීමේ මූලධර්මය අනුගමනය කර අවංක චේතනාවෙන් ජනතාවට සේවය කළ යුතුය.
“මාක්ස්වාදයේ මූලික මූලධර්ම, චීනයේ සැබෑ යථාර්ථයන් සහ ශ්‍රේෂ්ඨ චීන සාම්ප්‍රදායික සංස්කෘතිය සමග ඒකාබද්ධ කිරීම” කෙරෙහි අඛණ්ඩව අවධානය යොමු කරමින් ප්‍රායෝගිකත්වය මත පදනම්ව න්‍යායික නවෝත්පාදනයන් අඛණ්ඩව ඉදිරියට ගෙන යා යුතුය.
සුන් යට්-සෙන් මහතාගේ වටිනා ජීවගුණය අධ්‍යයනය කිරීම, උරුම කරගැනීම මෙන්ම ප්‍රචාරය කිරීම සඳහා, දුෂ්කර අභියෝගවලට මුහුණ දීමේ ධෛර්යය තිබිය යුතුය. එමෙන්ම නොසැලෙන අරගලයක් තුළින් මෙහෙයවන නව සංවර්ධනයක් ආරම්භ කළ යුතු බව ද ෂී ජින් පිං මහතා එහිදී සඳහන් කළේය.
එමෙන්ම එක්සත්භාවය ස්ථිර ලෙස අනුගමනය කර, සමස්ත චීන ජාතිකයන් එකමුතුකම අඛණ්ඩව තහවුරු කර වර්ධනය කළ යුතුය. තවද, සුන් යට්-සෙන් මහතාගේ වටිනා ජීවගුණය අධ්‍යයනය කිරීම, උරුම කරගැනීම මෙන්ම ප්‍රචාරය කිරීම වෙනුවෙන් සමස්ත ජනතාව කටයුතු කළ යුතු අතර, පොදු ඉරණමක් සහිත ප්‍රජාවක් ගොඩනැගීම සක්‍රිය ලෙස ප්‍රවර්ධනය කළ යුතු බව ද ෂී ජින් පිං මහතා දේශනයේදී අවධාරණය කළේය.
සුන් යට්-සෙන් මහතා සැමවිටම රටේ එක්සත්භාවය සහ ජනවාර්ගික සමගිය දැඩිව ආරක්ෂා කරමින්, ජාතිය හෝ ජනතාව බෙදා වෙන් කිරීම අරමුණු කරගත් ප්‍රකාශ සහ ක්‍රියාවන්ට දැඩි ලෙස විරුද්ධ වූ බව ෂී ජින්පිං මහතා පෙන්වා දුන්නේය. තායිවාන ප්රශ්නය විසඳීම සහ මව්බිම සම්පූර්ණයෙන් නැවත එක්සත් කරගැනීම යනු, චීන කොමියුනිස්ට් පක්ෂයේ නොසැලෙන ඓතිහාසික මෙහෙවරකි. එය චීන ජනතාවගේ පොදු අභිලාෂය සහ පුනර්ජීවනය සඳහා අත්‍යවශ්‍ය කොන්දේසියක් ද වේ. තායිවාන සමුද්‍ර සන්ධියේ දෙපස වෙසෙන ජනතාව ද, රටෙහි මෙන්ම විදේශයන්හි වෙසෙන සියලුම චීන ජාතිකයන් ද එක්ව, තායිවාන බෙදුම්වාදීන්ට එරෙහිව විය යුතුය. එමෙන්ම තායිවාන සමුද්‍ර සන්ධිය දෙපස සබඳතාවල සාමකාමී සංවර්ධනය සහ මව්බිමේ සම්පූර්ණ එක්සත්භාවය සඳහා එක්ව උත්සාහ දැරිය යුතු බව ද ෂී ජින්පිං මහතා අවධාරණය කළේය.
More Stories
චීනය කැනඩාවේදී චීන යුවාන් බිලියන 4ක හරිත ස්වෛරීත්ව බැඳුම්කර නිකුත් කරයි
ගෝලීය විශ්වවිද්‍යාල සිසුන්ගේ AI නිර්මාණ ප්‍රදර්ශනයක් චීනයේ Guangzhou හිදී ඇරඹේ
2026 APEC නායක සමුළුවේ මාධ්‍ය මධ්‍යස්ථානය නිල වශයෙන් ක්‍රියාත්මක කෙරේ