November 12, 2026

චීනය කැනඩාවේදී චීන යුවාන් බිලියන 4ක හරිත ස්වෛරීත්ව බැඳුම්කර නිකුත් කරයි

චීන මුදල් අමාත්‍යාංශය පසුගිය 9 වැනිදා කැනඩාවේදී චීන යුවාන් බිලියන 4ක වටිනාකමකින් යුත් හරිත ස්වෛරීත්ව බැඳුම්කර නිකුත් කළේය.

1.4%ක පොලී අනුපාතයක් සහිතව වසර 3ක කාලසීමාවක් සඳහා යුවාන් බිලියන 2ක බැඳුම්කර සහ 1.5%ක පොලී අනුපාතයක් සහිතව වසර 5ක කාලසීමාවක් සඳහා යුවාන් බිලියන 2ක බැඳුම්කර ඊට ඇතුළත් වේ.

මෙම බැඳුම්කර නිකුතුව සඳහා එම වෙළඳපොළ තුළ ඉතා යහපත් ප්‍රතිචාරයක් ද ලැබී ති‍බේ. එනම් ජාත්‍යන්තර ආයෝජකයින්ගෙන් දැඩි උනන්දුවක් දිනා ගැනීමට සමත් වී ඇත. එම බැඳුම්කර සඳහා ලැබුණු මුළු ආයෝජන ඉල්ලීම් ප්‍රමාණය චීන යුවාන් බිලියන 54.04ක් වේ. එය නිකුත් කළ බැඳුම්කර වටිනාකම මෙන් 13.5 ගුණයක ඉහළ අගයක් වීම විශේෂත්වයකි.

චීන මුදල් අමාත්‍යාංශය කැනඩාවේදී චීන යුවාන්වලින් හරිත ස්වෛරීත්ව බැඳුම්කර නිකුත් කළ පළමු අවස්ථාව මෙයයි. එය චීන-කැනඩා දෙවන ආර්ථික හා මූල්‍ය උපායමාර්ගික සංවාදයේදී ඇති කර ගත් එකඟතා ක්‍රියාත්මක කිරීමේ වැදගත් පියවරක් ලෙස එය සනිටුහන් වේ.

About The Author