November 12, 2026

ගෝලීය විශ්වවිද්‍යාල සිසුන්ගේ AI නිර්මාණ ප්‍රදර්ශනයක් චීනයේ Guangzhou හිදී ඇරඹේ

ගෝලීය විශ්වවිද්‍යාල සිසුන්ගේ AI නිර්මාණ ප්‍රදර්ශනයක් ඊයේ(11) චීනයේ Guangzhou හිදී විවෘත කෙරිණ. චීන මාධ්‍ය සමූහයේ CGTN නාලිකාව, Jinan විශ්වවිද්‍යාලය සහ චීන ජාතික නවෝත්පාදන හා සංවර්ධන උපාය මාර්ග පර්යේෂණ සංගමය එක්ව මෙම ප්‍රදර්ශනය සංවිධාන කර ඇත. “ආසියා-පැසිෆික් තරුණ ක්‍රියාකාරිත්වය ඔස්සේ ආසියා-පැසිෆික් කලාපයේ අනාගතය එක්ව හැඩගැස්වීම” එහි තේමාවයි.

මෙම අවස්ථාවට ආසියා-පැසිෆික් කලාපයේ විශ්වවිද්‍යාල වෙත සිදු කළ ආරාධනයට අනුව, AI තාක්ෂණය උපයෝගී කරගත් නිර්මාණ 252 ක් ලැබී ඇත. බෲනායි, චිලී, චීනය, ඉන්දුනීසියාව, දකුණු කොරියාව යන APEC ආර්ථිකයන් 11ක, විශ්වවිද්‍යාල 17ක තරුණ සිසුහු මීට එක්ව සිටිති. සංවිධායක කමිටුව මහත් පරිශ්‍රමයක් දරා විශිෂ්ටතම නිර්මාණ  22ක් තෝරාගත් අතර, CGTNහි බහුභාෂා වේදිකා ඔස්සේ  අඛණ්ඩව එම නිර්මාණ විකාශය කිරීමට සැලසුම් කර ඇත. දෙසැම්බර් මාසයේ Guangzhou හි පැවැත්වෙන 10වන “චීනය අවබෝධ කර ගැනීම” ජාත්‍යන්තර සමුළුවේදී ද එම නිර්මාණ ප්‍රදර්ශනය කෙරේ.

About The Author