
‘ස්වයං-විප්ලවයේ ශක්තිය:චීනයේ දැඩි විනයකින් යුතු පක්ෂ පාලනය සහ ලෝකයට එහි ආදර්ශය’යන මැයෙන් ගෝලීය සංවාද මාලාවක් මේ දිනවල ශ්‍රී ලංකාව, ලාඕසය, කාම්බෝජය, ඇෆ්ගනිස්ථානය සහ ඉරානය යනාදී ආසියානු රටවල් රැසක පවත්වා තිබේ.
ඒ චීන මාධ්‍ය සමූහයට අයත් CGTN නාලිකාව සහ එම රටවල චීන තානාපති කාර්යාල, රජයන්, බුද්ධි මණ්ඩල හා මාධ්‍යවල සහභාගීත්වයෙනි.

එම සංවාදය පසුගිය දෙවැනිදා ශ්‍රී ලංකාවේ කොළඹදී පැවැත්විණ. ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ සභාපති වීරසුමන වීරසිංහ මහතා සංවාදය අමතමින් පැවසුවේ, චීන කොමියුනිස්ට් පක්ෂයේ ක්‍රියාත්මක පූර්ණ හා දැඩි විනයකින් පක්ෂය පාලනය කිරීමේ වැඩපිළිවෙළ මගින් එහි ක්‍රමවේද ගොඩනැගීම තවදුරටත් ශක්තිමත් කිරීමටත් ජාතික පාලන පද්ධතිය තහවුරු කිරීමටත් ඉවහල් වන බවයි. එමෙන්ම එය චීන මාදිලියේ නවීකරණය සාක්ෂාත් කර ගැනීම සඳහා ස්ථීර පදනමක් සපයා ඇති බව ද ඔහු පැවසීය.

ශ්‍රී ලංකා ජාතික රූපවාහිනිය සහ දෙරණ රූපවාහිනිය, ලාඕස ජාතික රූපවාහිනිය මෙන්ම කාම්බෝජ ජාතික රූපවාහිනිය ඇතුළු ප්‍රධාන ධාරාවේ විදේශීය මාධ්‍ය ආයතන සියයකට අධික සංඛ්‍යාවක් මෙම සංවාද මාලාව පිළිබඳව වාර්තා කර ඇත.
More Stories
APEC නායක සමුළුවේ මාධ්‍ය මධ්‍යස්ථාන වෙබ්අඩවිය නිල වශයෙන් ක්‍රියාත්මක කෙරේ
මධ්‍යගත ප්රජාතන්ත්රවාදය: චීනයට ආවේණික පාලන ක්රමයේ සුවිශේෂී දේශපාලන දැක්ම
චීන රතු හමුදාවේ දිගු පා ගමනේ 90වන ජයග්‍රාහී සංවත්සරය නිමිත්තෙන් චීන මාධ්‍ය සමූහයෙන් ප්‍රදර්ශනයක්