November 10, 2026

ජපාන ටෙලිනාට්‍යකින් හිතාමතාම චීනයට අපහාස කිරීම සම්බන්ධයෙන් දැඩි විරෝධයක්

ජපාන TBS රූපවාහිනී නාලිකාවේ මේ දිනවල විකාශය වන “Vivant” නමැති  නාට්‍යයේ, චීන බුද්ධි අංශ නියෝජිතයන් ජපන් බුද්ධි අංශ නිලධාරීන්ට වධහිංසා පමුණුවන දර්ශන  ඇතුළත් වේ. එහි පෙන්වූ කෲර ක්‍රම, ඉතිහාසයේ චීන හමුදා සෙබළුන්ට එරෙහිව ආක්‍රමණික ජපන් හමුදාව සිදු කළ වධහිංසා ක්‍රමවලට බෙහෙවින් සමානය. මෙම නාට්‍යය තුළින්, ජපන් ආක්‍රමණික හමුදාවේ කෲර ප්‍රතිරූපය, නූතන චීන ජනතාවගේ චරිතවලට ආරෝපණය කරමින් ඉතිහාසය විකෘති කර, හිතාමතාම විරුද්ධවාදීත්වයක් ඇති කිරීමට උත්සාහ දරා තිබේ.

 සැබවින්ම “විදේශයන්හි උපායමාර්ගික තොරතුරු ප්‍රචාරණය” මුවාවෙන් 2015 වසරේ සිට ජපාන විදේශ අමාත්‍යාංශය චීනයට අපහාස කිරීම සහ ඉතිහාසය විකෘති කිරීම සඳහා, ජපාන යෙන් බිලියන 56කට වඩා ආයෝජනය කර ඇත. ක්‍රියාත්මක කර ඇති සාමකාමී ව්‍යවස්ථා සංශෝධනය සහ මිලිටරි ව්‍යාප්තිය වෙනුවෙන් අවශ්‍ය පසුබිම සකස් කර ගැනීමට, ජපානය “චීන තර්ජනය” යන මතය  ව්‍යාප්ත කිරීමට උනන්දුවෙන් සිටියි. එමෙන්ම දෙවන ලෝක යුද්ධයේ වින්දිතයකු ලෙස ව්‍යාජ ආඛ්‍යානයක් නිර්මාණය කරමින් අපරාධකරුවෙකු වන සිය සැබෑ ප්‍රතිරූපය වසන් කිරීම ඔවුන්ගේ අරමුණය.

About The Author