චීන ජනාධිපති ෂී ජින්පිං මහතා බ්‍රසීල ජනාධිපති ධුරයට යළි තේරී පත් වූ Lula da Silva මහතා වෙත සුබ පැතුම් පණිවිඩයක් යොමු කර ඇත.
Lula da Silva ජනාධිපතිවරයා චීන-බ්‍රසීල සම්බන්ධතා වර්ධනයට වැදගත් මෙහෙවරක් ඉටු කර ඇති බවත් මෑත වසරවල තමා Lula da Silva මහතා සමග විවිධ අයුරින් සමීප අදහස් හුවමාරු පවත්වා ඇති බවත් ෂී ජින්පිං මහතාගේ සුබ පැතුම් පණිවිඩයේ සඳහන් විය. මේ තුළින්, වඩාත් සාධාරණ ලෝකයක් හා වඩාත් තිරසර පෘථිවියක් සඳහා වන, පොදු ඉරණමක් සහිත චීන-බ්‍රසීල ප්‍රජාවක් ගොඩනැගීමට දායක වූ බව ෂී ජින්පිං මහතා පවසා ඇත. දෙරට සම්බන්ධතාවයේ ගෝලීය බලපෑම, උපායමාර්ගිකත්වය, දූරදර්ශීබව වඩාත් ඉස්මතු වීමත් සමග එය ගෝලීය දකුණේ රටවල සහයෝගීතාවයේ ආදර්ශයක් බවට පත් ව ඇතැයි ද ඔහු පැවසීය.
බ්‍රසීලය සමග සම්බන්ධතාවයට තමා උපරිම අවධානයක් යොමු කරන අතර, Lula da Silva මහතා සමග එක්ව දෙරටේ විස්තීර්ණ උපායමාර්ගික සහයෝගීතා වෙනුවෙන් වඩාත් පුළුල් අනාගතයක් නිර්මාණය කිරීමටත් දෙරටේ ජනතාවට යහපත සැලසීමටත් හැකි වනු ඇතැයි බලාපොරොත්තු වන බව ද චීන ජනාධිපතිවරයා එහිදී අවධාරණය කර ඇත.
More Stories
ඇමරිකාවේ භාණ්ඩ මත පනවා ඇති 24%ක අතිරේක තීරුබද්ද තවත් මාස දෙකකට අත්හිටුවීමට චීනයෙන් තීරණයක්
‘පූර්ණ හා දැඩි විනයකින් යුතුව පක්ෂ පාලනය ඉදිරියට ගෙන යාම පිළිබඳ චීන කොමියුනිස්ට් පක්ෂ මධ්‍යම කාරක සභාවේ තීරණය’ට අදාළ කරුණු ඉදිරිපත් කෙරේ
පක්ෂ පාලනය පිළිබඳ චීන කොමියුනිස්ට් පක්ෂ මධ්‍යම කාරක සභාවේ තීරණය සම්බන්ධයෙන් චීන ජනපතිගෙන් පැහැදිලි කිරීමක්