November 10, 2026

චීන ආයෝජන සීමා පුළුල් කිරීමට ඇමරිකාව ගත් තීරණයට චීනයේ දැඩි විරෝධය

විදෙස් ආයෝජන සඳහා වන සීමා කිරීම් පුළුල් කිරීමට ඇමරිකාව විසින් ගත් තීරණයේදී චීනයට වෙනස් කොට සැලකීම සම්බන්ධයෙන් විරෝධය පළ කරන බව චීන වාණිජ අමාත්‍යාංශය පවසයි.

පසුගිය 23 වන දින ඇමරිකානු භාණ්ඩාගාර දෙපාර්තමේන්තුව විදේශ ආයෝජන සීමා කිරීමට යෝජිත නීතිවල නව අනුවාදය නිකුත් කළේය.

මේ පිළිබඳව චීන වාණිජ අමාත්‍යාංශය සඳහන් කළේ, ඇමරිකාව මෙම නීතිය මගින් චීනයේ ආයෝජන සඳහා සීමාවන් තීව්‍ර කර, චීනයට වෙනස්කම් කර ඇති බවයි.

ජාතික ආරක්ෂාවට මුවාවෙමින් සිය රටට සීමා පැනවීමට ගත් උත්සාහයක් ලෙස චීනය මෙය සලකයි. මෙය චීන-ඇමරිකා රාජ්‍ය නායකයින් විසින් ඇති කරගත් වැදගත් එකඟතාවය උල්ලංඝනය කිරීමකි. එය චීන සහ ඇමරිකානු ව්‍යවසායන් අතර සාමාන්‍ය ආර්ථික හා වෙළඳ සහයෝගීතාවට බාධා කිරීමක් මෙන්ම ජාත්‍යන්තර ආර්ථික හා වෙළඳ පිළිවෙළ අඩපණ කිරීමක් බව චීන වාණිජ අමාත්‍යාංශය සඳහන් කළේය.

චීනය මේ සම්බන්ධයෙන් බරපතළ කනස්සල්ල සහ දැඩි විරෝධය පළ කරන බවත්, ඊට අනුරූප පියවර ගැනීමේ අයිතිය රඳවා ගනිමින් පසුකාලීන වර්ධනයන් සමීපව නිරීක්ෂණය කරනු ඇති බවත්, චීන වාණිජ අමාත්‍යාංශය අවධාරණය කළේය.

වෙළඳපොළ ආර්ථිකයේ නීතිවලට ගරු කරන ලෙසත්, ජාතික ආරක්ෂාව පිළිබඳ සංකල්පය අධික ලෙස සාමාන්‍යකරණය කිරීම නවත්වන ලෙසත්, ආර්ථික හා වෙළඳ ගැටලු දේශපාලනීකරණය කිරීම සහ ආයුධ සන්නද්ධ කිරීම නවත්වන ලෙසත්, දෙරටේ ආර්ථික හා වෙළඳ සහයෝගීතාවයට හිතකර පරිසරයක් නිර්මාණය කරන ලෙසත් චීනය ඇමරිකාවෙන් ඉල්ලා සිටින බව ද චීන වාණිජ අමාත්‍යාංශය වැඩිදුරටත් අවධාරණය කළේය.

About The Author