November 10, 2026

දත්ත කේන්ද්‍ර කරගත් චීන රාජ්‍ය සමාගමක් ආරම්භ කෙරේ

චීන මධ්‍යම රජය යටතේ සෘජුව පාලනය වන නව රාජ්‍ය සමාගමක් වන චීන ජාතික දත්ත සමූහ සමාගමක් ඇරඹේ. එහි සමාරම්භක උත්සවයට චීන උප අගමැති Ding Xuexiang මහතා සහභාගී විය. උත්සවය පසුගිය දා(20) උතුරු චීනයේ හෙබෙයි පළාතේ Xiong’an නව කලාපයේදී පැවැත්විණ.

චීන කොමියුනිස්ට් පක්ෂ මධ්‍යම කාරක සභාවේ දේශපාලන කාර්යාංශයේ ස්ථාවර කමිටු සාමාජිකයෙකු ද වන Ding Xuexiang මහතා පැවසුවේ, කෘත්‍රිම බුද්ධියෙන් උදාවන අවස්ථාවලින් ප්‍රයෝජන ගැනීම, ඩිජිටල් චීනය ගොඩනැගීම වේගවත් කිරීමට සහ රටේ නව තරගකාරී වාසි වර්ධනය කිරීමට මෙම සමාගම පිහිටුවීම වැදගත් වන බවය.

Xiong’an නව කලාපයේ මූලස්ථානය පිහිටුවා ඇති මෙම නව සමාගමට දත්ත සම්පත් සංවර්ධනය කිරීම සහ ඒවා ප්‍රයෝජනයට ගැනීම සම්බන්ධ කටයුතු පිළිබඳ විශේෂ වගකීමක් පැවරී තිබේ.

About The Author