November 10, 2026

ද්විපාර්ශ්වික ආර්ථික හා වෙළඳ සාකච්ඡා වෙනුවෙන් චීන උප අගමැති ඇතුළු දූත පිරිසක් ඇමරිකාවට

චීනය සහ ඇමරිකාව අතර ඇති කරගත් එකඟතාවකට අනුව, චීන කොමියුනිස්ට් පක්ෂ මධ්‍යම කාරක සභාවේ දේශපාලන කාර්යාංශයේ සාමාජික, උප අගමැති He Lifeng මහතාගේ නායකත්වයෙන් යුත් දූත පිරිසක්, ඇමරිකාව සමග ආර්ථික හා වෙළඳ සාකච්ඡා පැවැත්වීම සඳහා අද (19) සිට එළඹෙන 23 වැනිදා දක්වා ඇමරිකාවේ සංචාරයක නිරත වීමට නියමිතය.

චීන-ඇමරිකානු ආර්ථික හා වෙළඳ සාකච්ඡා සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් යොමු කළ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් චීන වාණිජ අමාත්‍යාංශයේ ප්‍රකාශකයෙකු අද (19) මේ බව පැවසීය.

දෙරටේ රාජ්‍ය නායකයින් අතර ඇති කරගත් වැදගත් එකඟතාවන්හි මඟ පෙන්වීම යටතේ,අන්‍යෝන්‍ය වශයෙන් වැදගත් වන ආර්ථික හා වෙළඳ කාරණා පිළිබඳව දෙපාර්ශ්වය එහිදී සාකච්ඡා පවත්වන බව එම ප්‍රකාශකයා වැඩිදුරටත් සඳහන් කළේය.

About The Author