November 10, 2026

2026 වසරේ චීන භාණ්ඩ ආනයන වාර්තාගත මට්ටමක

2026 වසර පුරා චීනයේ භාණ්ඩ ආනයන ප්‍රමාණය, වාර්තාගත මට්ටමකට ළඟා වනු ඇතැයි අපේක්ෂා කෙරේ. චීන රාජ්‍ය මණ්ඩල ප්‍රවෘත්ති කාර්යාලය අද (18) පස්වරුවේ පැවැත්වූ මාධ්‍ය හමුවකදී මේ බව හෙළි විය. ගෝලීය භාණ්ඩ වෙළඳාම තුළ ලොව විශාලතම රට වන චීනය, ගෝලීය වෙළඳාමේ වර්ධනය සඳහා අඛණ්ඩ ගාමක බලවේගයක් ලබා දෙමින් සිටින බව චීන වාණිජ අමාත්‍යාංශ නිලධාරියෙකු එම හමුවේදී පැවසීය.

ලෝක වෙළඳ සංවිධානය ඉකුත් ජූලි මාසයේ නිකුත් කරන ලද වසරේ පළමුවැනි කාර්තුවේ ගෝලීය වෙළඳ දත්තයන්ට අනුව, චීනය, ගෝලීය වෙළඳ වර්ධනයෙන් 2.1%ක ප්‍රමාණයක් සඳහා දායකත්වයක් ලබා දී ඇති අතර එය සමස්ත ප්‍රමාණයෙන් 20.3% කි. එහි විස්තීර්ණ කර්මාන්ත පද්ධතිය සහ කාර්මික සහාය උපයෝගී කරගනිමින්, චීනය විවිධ රටවලට, විශේෂයෙන් සංවර්ධනය වෙමින් පවතින රටවලට නිෂ්පාදන උපකරණ වැනි නිෂ්පාදිත භාණ්ඩ සපයා දී තිබේ.

මෙම රටවලට ඔවුන්ගේ සැබෑ ආර්ථිකය සංවර්ධනය කොට ගෝලීය නිෂ්පාදන හා සැපයුම් දාමයන්ට ඒකාබද්ධ වීමට වැදගත් සහයෝගයක් ලබා දී ඇති චීනය, ගෝලීය නිෂ්පාදන හා සැපයුම් දාමයන්හි ස්ථාවර ක්‍රියාකාරිත්වයට ද ප්‍රබල ලෙස සහාය වී ඇත.

මේ වසරේ ජනවාරි සිට අගෝස්තු දක්වා කාලය තුළ, චීනයේ ආනයන ප්‍රමාණය 22%කින් වර්ධනය වූ අතර, මෙම වසර සඳහා මුළු ආනයන ප්‍රමාණය නව ඉහළ මට්ටමකට ළඟා වනු ඇතැයි අපේක්ෂා කෙරෙන බව එම නිලධාරියා කියා සිටියේය. උසස් තත්ත්වයේ ගෝලීය නිෂ්පාදන චීන පාරිභෝගික වෙළඳපොළ වෙත වැඩි වශයෙන් ඇතුළු වෙමින් පවතින අතර එමගින් අදාළ රටවල ඒ ආශ්‍රිත කර්මාන්ත සංවර්ධනය ප්‍රවර්ධනය කොට එම රටවල රැකියා නියුක්තිය වැඩි කිරීමට හැකි වෙතැයි විශ්වාස කෙරෙන බව ද ඔහු වැඩිදුරටත් පැවසීය.

About The Author