චීනයේ Chang’e-6 මෙහෙයුමේදී ලබා ගත් චන්ද්‍රයාගේ දුරස්ථ ප්‍රදේශයේ පාංශු සාම්පලයක්, පසුගියදා(14) එක්සත් ජාතීන්ගේ සංවිධානය වෙත නිල වශයෙන් පරිත්‍යාග කෙරිණ.
මෙවර Chang’e-6 මෙහෙයුමේදී ලබා ගත් චන්ද්‍රයාගේ පාංශු සාම්පලයේ බර ග්‍රෑම් 1,935.3කි. එය මානව ඉතිහාසයේ චන්ද්‍රයාගේ දුරස්ථ ප්‍රදේශයෙන් පාංශු සාම්පලයක් එකතු කිරීමේ පළමු අවස්ථාව සනිටුහන් කරයි. චන්ද්‍රයාගේ විශාලතම, ගැඹුරුම සහ පැරණිතම ආවාටය වන South Pole-Aitken ද්‍රෝණියෙන් එය ලබා ගැනීම විශේෂත්වයකි. මෙම සාම්පල චන්ද්‍රයාගේ ආසන්න සහ දුරස්ථ ප්‍රදේශ අතර සංයුතියේ වෙනස්කම් පැහැදිලි කිරීමට වටිනා අවස්ථා සපයා ඇත.
මීට පෙර පරිත්‍යාග කළ Chang’e-3 චන්ද්‍ර රෝවරයේ 1:1 පරිමාණ ආකෘතිය සමඟ මෙම සාම්පලය පූර්ණකාලීනව එක්සත් ජාතීන්ගේ වියානාහි මූලස්ථානයේ අභ්‍යවකාශ ප්‍රදර්ශන ශාලාවේදී ප්‍රදර්ශනය කෙරෙනු ඇත.
2020 වසරේදී, චීනය Chang’e-5 මෙහෙයුමෙන් චන්ද්‍රයාට ආසන්න ප්‍රදේශයේ පළමු පාංශු සාම්පලය ලබා ගෙන තිබිණ.
More Stories
APEC නායක සමුළුවේ මාධ්‍ය මධ්‍යස්ථාන වෙබ්අඩවිය නිල වශයෙන් ක්‍රියාත්මක කෙරේ
දැඩි විනයකින් යුත් චීන කොමියුනිස්ට් පක්ෂ පාලනය පිළිබඳ ගෝලීය සංවාද මාලාව ආසියානු රටවල පැවැත්වේ
මධ්‍යගත ප්රජාතන්ත්රවාදය: චීනයට ආවේණික පාලන ක්රමයේ සුවිශේෂී දේශපාලන දැක්ම