2026 වසරේ චීන බොක්ස් ඔෆිස් ආදායම මේ වන විට, යුවාන් බිලියන 27.5 ඉක්මවා ගොස් ඇති අතර, නරඹන්නන් සහ ප්‍රදර්ශන වාර සංඛ්‍යාව ද ඓතිහාසික මට්ටමින් වාර්තා පොත් අලුත් කරමින් තිබේ.
ප්‍රේක්ෂකයින් අතර අතිශය ජනප්‍රියත්වයට පත්ව ඇති “Once Upon a Time in the Middle East” නමැති චීන චිත්‍රපටයේ ගෝලීය ප්‍රදර්ශනයට අදාළ සැලැස්ම, මේ වන විට නිල වශයෙන් නිවේදනය කර ඇත. ඊට අනුව එම චිත්‍රපටය සැප්තැම්බර් මස 11 වනදා චීනයේ හොංකොං, මැකාවු යන විශේෂ පරිපාලන කලාපයන්හි මෙන්ම ඔස්ට්‍රේලියාව, නවසීලන්තය සහ මැලේසියාව යන රටවල ප්‍රදර්ශනය ආරම්භ කෙරේ. අනතුරුව එය සැප්තැම්බර් මස 17 වනදා සිංගප්පූරුවේදීත්, සැප්තැම්බර් මස 18 වනදා ජපානයේදීත් ප්‍රදර්ශනය ඇරඹීමට නියමිතව ඇත. පසුව එය උතුරු ඇමරිකාව, යුරෝපය, මැද පෙරදිග, උතුරු අප්‍රිකාව සහ අනෙකුත් රටවල හා කලාපයන්හි නිකුත් කෙරේ.
More Stories
APEC නායක සමුළුවේ මාධ්‍ය මධ්‍යස්ථාන වෙබ්අඩවිය නිල වශයෙන් ක්‍රියාත්මක කෙරේ
දැඩි විනයකින් යුත් චීන කොමියුනිස්ට් පක්ෂ පාලනය පිළිබඳ ගෝලීය සංවාද මාලාව ආසියානු රටවල පැවැත්වේ
මධ්‍යගත ප්රජාතන්ත්රවාදය: චීනයට ආවේණික පාලන ක්රමයේ සුවිශේෂී දේශපාලන දැක්ම