November 10, 2026

අසර්බයිජාන බසින් යුත් “ෂී ජින් පිං මහතාගේ සංස්කෘතික බැඳීම” නම් රූපවාහිනි වැඩසටහන අසර්බයිජානයේදී විකාශනය කෙරේ

චීන මාධ්‍ය සමූහය විසින් අසර්බයිජාන බසින් සංස්කරණය කරන ලද “ෂී ජින් පිං මහතාගේ සංස්කෘතික බැඳීම” නම් රූපවාහිනි වැඩසටහන අසර්බයිජානයේදී විකාශනය කෙරේ. ඉකුත් 14වැනි දා අසර්බයිජාන ජාතික රූපවාහිනි හා ගුවන් විදුලි සංස්ථාවට අයත් සංස්කෘතික නාලිකාව සහ අසර්බයිජාන ARB24 රූපවාහිනි සේවය එම වැඩසටහන විකාශනය කර ඇත.

එදිනම  “ෂී ජින් පිං මහතාගේ සංස්කෘතික බැඳීම” රූපවාහිනි වැඩසටහන විකාශනය වෙනුවෙන් උත්සවයක් ද Baku අගනුවරදී පැවැත්විණ. අසර්බයිජානයේ චීන තානාපතිවරිය, චීන මාධ්‍ය සමූහයේ චිත්‍රපට හා රූපවාහිනි පරිවර්තන හා නිෂ්පාදන මධ්‍යස්ථාන අධ්‍යක්ෂිකාව, අසර්බයිජාන ජාතික රූපවාහිනි හා ගුවන් විදුලි සංස්ථාවේ උප සභාපතිවරයා සහ අසර්බයිජාන ARB24 රූපවාහිනි සේවයේ අධ්‍යක්ෂ ජනරාල්වරයා ඇතුළු ප්‍රධාන ආරාධිතයින් එම අවස්ථාවට එක්විය. “ෂී ජින් පිං මහතාගේ සංස්කෘතික බැඳීම” රූපවාහිනි වැඩසටහන අසර්බයිජාන බසින් සංස්කරණය කර එරට ප්‍රේක්ෂකයන්ට හඳුන්වාදීම දෙරට අතර සංස්කෘතික බැඳීම වඩාත් ශක්තිමත් කිරීමට උපකාරී වන බවත්, එමගින් දෙරට ජනතාව අතර විශිෂ්ට සංස්කෘතික හා ඓතිහාසික සාම්ප්‍රදායන් ආරක්ෂා වීම හා උරුම කිරීම පිළිබඳ පොදු අවබෝධයක් ජනිත කෙරෙන බවත්, එම ආරාධිතයෝ එහිදී දේශන පවත්වමින් කියා සිටියහ.

චීන ජනපති ෂී ජින් පිං මහතා රටේ සංස්කෘතික සාම්ප්‍රදායන් උරුම කරගැනීම කෙරෙහි හදවතින් ම බැඳී සිටි ආකාරය මෙන් ම සංස්කෘතික වශයෙන් රට සවිබලගැන්වීම පිළිබඳ ඔහුගේ අවබෝධය ද  , “ෂී ජින් පිං මහතාගේ සංස්කෘතික බැඳීම” රූපවාහිනි වැඩසටහනෙන් මැනවින් පෙන්නුම් කෙරේ. චීන ජනාධිපතිවරයාගේ චීන සාම්ප්‍රදායික සංස්කෘතියෙන් සුපෝෂිත රාජ්‍ය පාලන තන්ත්‍රය පිළිබඳ මනා අවබෝධයක් ද එම වැඩසටහන තුළින් අසර්බයිජාන ජනතාවට ලබාගත හැකි බව විශ්වාස කෙරේ.

අසර්බයිජානයේ ප්‍රධාන ධාරාවේ මාධ්‍ය ආයතන රැසක් උත්සවය පිළිබඳ සවිස්තරාත්මකව වාර්තා කර තිබේ.

About The Author