චීන නාවික හමුදාවේ “Honghe” නමැති මඟ පෙන්වන මිසයිල නෞකාව සහ ඉන්දුනීසියානු නාවික හමුදාවේ “KRI I Gusti Ngurah Rai” නමැති ආරක්ෂක යුද නෞකාව පැවැත්වූ ඒකාබද්ධ අභ්‍යාසය සාර්ථකව අවසන් කෙරිණ. එම අභ්‍යාසය ඊයේ (12) පැවැත්වුණේ චීන තායිවාන ප්‍රදේශයට නැගෙනහිරින් වූ මුහුදු ප්‍රදේශයේදීය.
සමුද්‍රීය සන්නිවේදනය සහ මුහුදේදී සැපයුම් ලබාගැනීම වැනි ක්ෂේත්‍ර කෙරෙහි අවධානය යොමු කරමින්, දෙරටේ යුද නැව් ප්‍රායෝගික අභ්යාසයන්වල නිරත වීම මෙහිදී සිදු කෙරිණ. පෙර සූදානම් කළ අභ්‍යාස සැලැස්මට අනුව දෙපාර්ශ්වයම මනා සහයෝගයෙන් කටයුතු කරමින් සියලු අභ්‍යාස ඉලක්ක සාර්ථකව සම්පූර්ණ කර ඇත.
මෙම චීන-ඉන්දුනීසියානු ඒකාබද්ධ යුද නෞකා අභ්‍යාසය මගින්, දෙපාර්ශ්වයේ ප්‍රායෝගික සහයෝගීතාව, කලාපීය සාමය සහ ස්ථාවරත්වය ආරක්ෂා කිරීමේ ධනාත්මක ඉලක්කය සහ ක්‍රියාකාරී හැකියාව පිළිඹිබු කරයි.
More Stories
APEC නායක සමුළුවේ මාධ්‍ය මධ්‍යස්ථාන වෙබ්අඩවිය නිල වශයෙන් ක්‍රියාත්මක කෙරේ
දැඩි විනයකින් යුත් චීන කොමියුනිස්ට් පක්ෂ පාලනය පිළිබඳ ගෝලීය සංවාද මාලාව ආසියානු රටවල පැවැත්වේ
මධ්‍යගත ප්රජාතන්ත්රවාදය: චීනයට ආවේණික පාලන ක්රමයේ සුවිශේෂී දේශපාලන දැක්ම