භූමිකම්පා විපත් හදිසි සහනාධාර වශයෙන් චීනය ඇෆ්ගනිස්ථානයට චීන යුවාන් මිලියන 50 ක හදිසි මානුෂීය ආධාර ලබා දෙයි.
චීන ජාත්‍යන්තර සංවර්ධන සහයෝගිතා ඒජන්සිය ඊයේ (04) මේ බව ප්‍රකාශ කළේය. ඇෆ්ගනිස්ථානයේ ඉල්ලීමකට අනුව, ඇෆ්ගනිස්ථානයට චීන යුවාන් මිලියන 50ක (ඇ.ඩො.මිලියන 7.04 ක) හදිසි මානුෂීය ආධාර ලබා දීමට චීන රජය තීරණය කළේය. ආපදාවන්ට ලක් වූ ප්‍රදේශයන් හි වෙසෙන අවතැන්වූවන්ට අත්‍යවශ්‍ය ආහාර පාන, කූඩාරම් ඇතුළු ද්‍රව්‍ය ඊට ඇතුළත් බව එම ඒජන්සියේ ප්‍රකාශක Li Ming මහතා පැවසීය.
පසුගිය 31 වනදා නැගෙනහිර ඇෆ්ගනිස්ථානයේ 6.0ක ප්‍රබලත්වයකින් යුත් භූමිකම්පනයක් හට ගැනිණ. එරට Nangarhar පළාතේ අගනුවර වන Jalalabad සිට ඊසාන දෙසින් කිලෝමීටර් 27ක ඈතින් පිහිටි ප්‍රදේශයේ භූමිකම්පාවේ අපිකේන්ද්‍රය පිහිටා තිබූ අතර එහි ගැඹුර කිලෝමීටර් 8කි. කඳුකර ප්‍රදේශයේ පිහිටි භූමිකම්පාවේ අපිකේන්ද්‍රය ගැඹුරු නොවීම හේතුවෙන් භූමිකම්පාවට ලක්වූ ප්‍රදේශවල තත්ත්වය ඉතා බරපතල විය. ඉන් අවම වශයෙන් දෙදහසකට අධික පිරිසක් මිය ගොස් ඇති අතර තුවාල ලැබූ සංඛ්‍යාව 3640ක් බවද එරටේ රතු අඩසඳ සමාජය 04වැනි දා තහවුරු කළේය. මේ වනවිට අදාළ ආපදා සහනාධාර කටයුතු තවමත් සිදු වෙමින් පවතින බවත් මරණ හා තුවාල ලැබීමේ සංඛ්‍යාව ඉහළ යා හැකි බවත් එම සමාජය වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
More Stories
චීන හා වියට්නාම ජනපති ආර්යාවෝ චීන ජාතික මහා රඟහල නරඹති
ඇමරිකාව ඊනියා හේතුවක් මත චීනයට එරෙහිව තීරු බදු පැනවුවහොත් ඒ සම්බන්ධයෙන් දැඩි ප්‍රති පියවර ගන්නා බවට චීනයෙන් ප්‍රකාශයක්
ඉරාන වරායන්ට ඇතුළු වන සහ පිටවන නෞකා ඇමරිකාව අවහිර කිරීම ආතතීන් තවත් උග්‍ර කරන බව චීනය කියයි