වත්මන් ලෝකය තුළ චීනය සතු යුදමය ශක්තිය සහ එහි දී අත්කර ගෙන ඇති දැවැන්ත ප්‍රගතිය කියුබානු කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ පළමු ලේකම්, ජනාධිපති Miguel Díaz-Canel Bermúdez මහතා අගය කරයි. හෙතෙම මේ බව පැවසුවේ ඊයේ (04) බෙයිජිං හිදී චීන මාධ්‍ය සමූහය සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමිනි.
ජපන් ආක්‍රමණයට එරෙහි චීන මහජන යුද්ධය හා ලෝක ෆැසිස්ට් විරෝධී යුද්ධය ජයගැනීමේ 80 වන සංවත්සරය වෙනුවෙන් ඉකුත් 03 වන දින පැවති උත්සවයේ දී, චීන ජනාධිපති ෂී ජින් පිං මහතා සිදු කළ දේශනයෙන් හවුල් අනාගතයක් සහිත මානව ප්‍රජාව යන සංකල්පය අවධාරණය කළ බව Miguel Díaz-Canel Bermúdez මහතා කියා සිටියේය. බහුපාර්ශ්වවාදය හා එකමුතු බව තුළින් සහයෝගිතා පැවැත්වීමේ අවශ්‍යතාවන් ද එහිදී අවධාරණය කෙරිණ. චීන ජනපතිතුමන් සිය දේශනයෙන් ඉදිරිපත් කළ මෙම කරුණු තම සිතට හොඳින් කා වැදුණු බව පැවසූ හෙතෙම එම උත්සවයට එක්වීමට ලැබීම ගෞරවයක් බව ද සඳහන් කළේය.
More Stories
චීන විදේශ අමාත්‍යවරයා සහ කැනේඩියාවේ අගමැතිවරයා අතර හමුවක්
යුරෝපා කොමිසම වෙනස් ව සැලකීමේ සීමාවන් ක්‍රියාත්මක කරන්නේ නම් චීනය දැඩි ප්‍රති පියවර ගනු ඇත-චීන වාණිජ අමාත්‍යාංශය
Shenzhou 21 ගගනගාමීහූ සාර්ථකව යානයෙන් පිටතට පැමිණෙති