මේ වසරේ මුල් මාස හය තුළ විදේශ ආයෝජන සහිත ව්‍යවසායන්හි ආයෝජන වැඩි කෙරේ. චීන නියෝජ්‍ය වාණිජ ඇමති යෙන් තුං මහතා ඊයේ(23) පැවති චීන රාජ්‍ය මණ්ඩලයේ ප්රවෘත්ති කාර්යාලයේ මාධ්‍ය හමුවට එක් වෙමින් චීනයේ විදේශ ආයෝජන පිළිබඳ තොරතුරු හඳුන්වා දුන්නේ ය.
මේ වසරේ මුල් මාස හය තුළ චීනයේ ස්ථාපිත කෙරුණු විදේශ ආයෝජන සහිත නව ව්‍යවසායන් 5.3%කින් වර්ධනය වූ බවත්, අධි තාක්ෂණ කර්මාන්තයෙහි විදේශ ආයෝජනය 2025 වසරේ අදාළ කාලසීමාවට සාපේක්ෂව 33.2%කින් වැඩි වූ බවත්, ඒ මහතා එහිදී කියා සිටියේය.
විදේශ ආයෝජකයන්ට චීන වෙළඳපොල පිළිබඳ ඇති සර්වසුබවාදී ආකල්පය හේතුවෙන් එම කාලයේ විදේශ ආයෝජන සහිත ව්‍යවසායන් 4800කට ආසන්න ප්‍රමාණයක් සිය චීන ආයෝජන වැඩි කර ඇතැයි ද චීන නියෝජ්‍ය වාණිජ ඇමතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ ය.
මේ අතර, එම මාධ්‍ය හමුවේදී චීන වාණිජ අමාත්‍යාංශයේ නිලධාරීන් කියා සිටියේ මේ වසරේ මුල් භාගයේ විදේශ ආයෝජන සහිත ව්‍යවසායන් සහ රජය සතු ව්‍යවසායයන්හි ආනයනය හා අපනයනය 10% ඉක්මවූ වේගවත් වර්ධනයක් අත්කරගෙන ඇති බවය. එම කාලය තුළ රටේ විදේශ වෙළඳ පරිමාවෙන් 60%ක පමණ දායකත්වයක් පෞද්ගලික අංශ ලබා දී ඇතැයි ද එම නිලධාරීන් වැඩිදුරටත් සඳහන් කර තිබේ.
More Stories
APEC නායක සමුළුවේ මාධ්‍ය මධ්‍යස්ථාන වෙබ්අඩවිය නිල වශයෙන් ක්‍රියාත්මක කෙරේ
දැඩි විනයකින් යුත් චීන කොමියුනිස්ට් පක්ෂ පාලනය පිළිබඳ ගෝලීය සංවාද මාලාව ආසියානු රටවල පැවැත්වේ
මධ්‍යගත ප්රජාතන්ත්රවාදය: චීනයට ආවේණික පාලන ක්රමයේ සුවිශේෂී දේශපාලන දැක්ම