2026 වසරේ මුල් භාගය තුළ චීනයේ කර්මාන්ත හා තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ වර්ධන තත්ත්වය අද(20) අනාවරණය කෙරිණ. චීන කර්මාන්ත හා තොරතුරු තාක්ෂණ අමාත්‍යාංශයේ නිලධාරීන්, රාජ්‍ය මණ්ඩලයේ පුවත් කාර්යාලයේදී පැවැත්වූ මාධ්‍ය හමුවකදී මෙම තොරතුරු ඉදිරිපත් කර ඇත.
ජූනි මස අවසානය වන විට, චීනයේ කෘත්‍රිම බුද්ධි පරිගණක සැකසුම් ධාරිතාව EFLOPS 2,185ක් දක්වා ළඟා වී තිබේ. රට පුරා පවතින පරිගණක පහසුකම්වල සමස්ත භාවිත අනුපාතය 71.4%ක් වූ අතර, චිප් දසදහසකට අධික ධාරිතාවකින් යුත් කෘත්‍රිම බුද්ධි පරිගණක මධ්‍යස්ථාන 52ක් මේ වන විට සම්පූර්ණ කර ඇත.
එම කාලය තුළ පාද හතරක් සහිත රොබෝ යන්ත්‍රවල ගෝලීය අලෙවියෙන් 70%කට ආසන්න ප්‍රමාණයක් චීනය තමන් සතු කරගෙන ඇත. මානවරූපී රොබෝවරුන්ගේ වර්ග, ප්‍රමාණාත්මක ව 400 ඉක්මවා ගොස් ඇති අතර එය ගෝලීය සමස්ත අගයෙන් අඩකටත් වඩා වැඩි ප්‍රමාණයකි.
ඒකාබද්ධ පරිපථ, ඉලෙක්ට්‍රොනික උපාංග සහ සුළං ටර්බයින උත්පාදක කට්ටල ඇතුළු චීන නිෂ්පාදනවල අපනයන අගයන් පසුගිය වසරේ එම කාලයට සාපේක්ෂ ව 88.7%, 62.6% සහ 35.6%කින් වැඩි වූ බව එම මාධ්‍ය හමුවේදී අනාවරණය විය. කෘත්‍රිම බුද්ධිය , පරිසර හිතකාමීබව, අඩු කාබන් ආර්ථිකයක් සඳහා පරිවර්තනය වීම පිළිබඳ ඉහළ ගෝලීය ඉල්ලුම හේතුවෙන් මෙලෙස අපනයන අගයන් ඉහළ ගොස් ඇත.
More Stories
APEC නායක සමුළුවේ මාධ්‍ය මධ්‍යස්ථාන වෙබ්අඩවිය නිල වශයෙන් ක්‍රියාත්මක කෙරේ
දැඩි විනයකින් යුත් චීන කොමියුනිස්ට් පක්ෂ පාලනය පිළිබඳ ගෝලීය සංවාද මාලාව ආසියානු රටවල පැවැත්වේ
මධ්‍යගත ප්රජාතන්ත්රවාදය: චීනයට ආවේණික පාලන ක්රමයේ සුවිශේෂී දේශපාලන දැක්ම