ජපානයේ “නව මුහුණුවරකින් ක්‍රියාත්මක මිලිටරිවාදය” සැබෑ තර්ජනයක් බවට පත්ව ඇති බව චීන ජාතිකාරක්ෂක අමාත්‍යාංශය පවසයි.
ජපානය පසුගියදා එරට ස්වයං ආරක්ෂක ගුවන් හමුදාව “ස්වයං ගුවන් සහ අභ්‍යවකාශ ආරක්ෂක හමුදාව” ලෙස නැවත නම් කර “අභ්‍යවකාශ මෙහෙයුම් කණ්ඩායම” ස්ථාපිත කළ බව වාර්තා වේ. ඒ පිළිබඳව චීන ජාතිකාරක්ෂක අමාත්‍යාංශ ප්‍රකාශක Chen Xi මහතා අද (9) පැවති මාධ්‍ය හමුවකදී ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් චීනයේ ස්ථාවරය මෙලෙස පැහැදිලි කර ඇත.
මෑත වසරවල ජපානය සිය මිලිටරි ව්‍යාප්තිකරණය අභ්‍යවකාශයට ව්‍යාප්ත කර ඇතැයි Chen Xi මහතා පෙන්වා දුන්නේය. අදාළ ක්ෂේත්රයේ ජපානයේ මිලිටරි වියදම් වසර පහක් තුළ දස ගුණයකින් වැඩි වී ඇති අතර එහි භට සංඛ්‍යාව තිස් ගුණයකට වඩා පුළුල් වී තිබේ. ජපානයේ ක්‍රියාවන් අභ්‍යවකාශ පිළිබඳ අවි ගැටුම් වේගවත් කර ඇති බව ඔහු සඳහන් කළේය.
අභ්‍යවකාශයේ තිරසර සාමය සහ ආරක්ෂාව සියලු රටවල ආරක්ෂාව, සංවර්ධනය සහ සමෘද්ධියට ඉතා වැදගත්ය. සාමය ප්‍රිය කරන ප්‍රජාව අභ්‍යවකාශ ක්ෂේත්රයේ ජපානයේ භයානක පියවරවලට එරෙහි ව සුපරීක්ෂාකාරී විය යුතු අතර, ජපන් දක්ෂිණාංශික බලවේගවල යළි මිලිටරිකරණය කිරීමේ උත්සාහයන් අධිෂ්ඨානශීලී ව මැඩපැවැත්විය යුතු බව Chen Xi මහතා අවධාරණය කර ඇත.
More Stories
APEC නායක සමුළුවේ මාධ්‍ය මධ්‍යස්ථාන වෙබ්අඩවිය නිල වශයෙන් ක්‍රියාත්මක කෙරේ
දැඩි විනයකින් යුත් චීන කොමියුනිස්ට් පක්ෂ පාලනය පිළිබඳ ගෝලීය සංවාද මාලාව ආසියානු රටවල පැවැත්වේ
මධ්‍යගත ප්රජාතන්ත්රවාදය: චීනයට ආවේණික පාලන ක්රමයේ සුවිශේෂී දේශපාලන දැක්ම