යුද්ධය යළි උත්සන්න කිරීම කිසිදු පාර්ශ්වයකට හිතකර නොවන අතර මිලිටරි ක්‍රම මගින් මැදපෙරදිග ප්‍රදේශයේ මූලික ගැටලුව විසඳිය නොහැකි බව චීන විදේශ අමාත්‍යංශයේ ප්‍රකාශිකා Mao Ning මහත්මිය පවසයි. අද (8) පැවති නිත්‍ය මාධ්‍ය හමුවේදී අදාළ ප්‍රශ්නයකට පිළිතුරු සපයමින් ඇය මේ බව සඳහන් කර ඇත.
මැදපෙරදිග කලාපයේ නවතම තත්ත්වය දෙස චීනය අවධානය යොමු කරමින් සිටී. අත්සන් කර ඇති අවබෝධතා ගිවිසුම ප්‍රායෝගික ව ක්‍රියාත්මක කරන ලෙසත්, සංවාද හා සාකච්ඡා මාර්ගයෙන් ගැටලු විසඳා ගන්නා ලෙසත්, හමුදා මෙහෙයුම්වලින් වළකින ලෙසත් චීනය ඇමරිකාවෙන් සහ ඉරානයෙන් ඉල්ලා සිටින බව ද ඇය වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත.
More Stories
APEC නායක සමුළුවේ මාධ්‍ය මධ්‍යස්ථාන වෙබ්අඩවිය නිල වශයෙන් ක්‍රියාත්මක කෙරේ
දැඩි විනයකින් යුත් චීන කොමියුනිස්ට් පක්ෂ පාලනය පිළිබඳ ගෝලීය සංවාද මාලාව ආසියානු රටවල පැවැත්වේ
මධ්‍යගත ප්රජාතන්ත්රවාදය: චීනයට ආවේණික පාලන ක්රමයේ සුවිශේෂී දේශපාලන දැක්ම