චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ සංවිධාන දෙපාර්තමේන්තුව සංස්කරණය කළ‘බිම් මට්ටමේ වැඩකටයුතු හා සබැඳි ක්‍රමවේදය පිළිබඳ ෂී ජින්පිං මහතාගේ වැදගත් ලිපි අලළා සැකසූ පාඨග්රන්ථය’ පක්ෂ සංවර්ධන පාඨග්‍රන්ථ ප්‍රකාශ ආයතනය විසින් මෑතකදී ප්‍රකාශයට පත් කර රට පුරා බෙදා හැර ඇත.
ෂී ජින්පිං මහතා බිම් මට්ටමේ සිට වර්ධනය වී ඇති දැවැන්ත රටක, දැවැන්ත පක්ෂයක නායකයෙකි. බිම් මට්ටමේ වැඩකටයුතු හා සබැඳි ක්‍රමවේදය පිළිබඳ ව ඔහු පළ කළ ලිපි මාලාවක් මෙම පාඨග්රන්ථයට පාදක වී තිබේ. බිම් මට්ටමේ වැඩකටයුතු පිළිබඳ නීති අවබෝධය වර්ධනය කර, නව යුගයේ හා නව ගමනේදී රටේ බිම් මට්ටමේ වැඩකටයුතු සඳහා දිශානතිය මෙම පාඨග්රන්ථය මගින් පෙන්වා දී ඇත. අදාළ පාඨග්රන්ථය, විවිධ මට්ටම්වල පක්ෂ සංවිධාන, පක්ෂ සාමාජිකයන් හා නිලධාරීන්ට බිම් මට්ටම මනා ව අවබෝධ කර ගෙන බිම් මට්ටමට පැමිණ ඔවුන් වෙනුවෙන් සේවා සැපයීමට පිටුබලය සපයන හස්තසාර ග්රන්ථයකි. එසේම පක්ෂයේ දේශපාලන පදනම තහවුරු කරමින් චීනයට ආවේණික නවීකරණයේ අඩිතාලම ශක්තිමත් කිරීම පිණිස ඊට හිමිවන්නේ සුවිශේෂ වැදගත්කමකි.
More Stories
APEC නායක සමුළුවේ මාධ්‍ය මධ්‍යස්ථාන වෙබ්අඩවිය නිල වශයෙන් ක්‍රියාත්මක කෙරේ
දැඩි විනයකින් යුත් චීන කොමියුනිස්ට් පක්ෂ පාලනය පිළිබඳ ගෝලීය සංවාද මාලාව ආසියානු රටවල පැවැත්වේ
මධ්‍යගත ප්රජාතන්ත්රවාදය: චීනයට ආවේණික පාලන ක්රමයේ සුවිශේෂී දේශපාලන දැක්ම