චීනයේ උත්තරීතර විද්‍යා හා තාක්ෂණ සම්මාන ප්රදානෝත්සවය චීන ජනාධිපති ෂී ජින්පිං මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණ. අද(08) පෙරවරුවේ බෙයිජිංහි මහජන මහා ශාලාවේදී පැවති චීන විද්‍යා හා තාක්ෂණය පිළිබඳ ඇගයීමේ සම්මේලනය, චීන විද්‍යා ඇකඩමියේ හා චීන ඉංජිනේරු ඇකඩමියේ විද්වතුන්ගේ සම්මේලනය සහ චීන විද්‍යා හා තාක්ෂණ සංගමයේ 11 වන ජාතික නියෝජිත සම්මේලනයේ දී හෙතෙම සම්මානලාභීන් වෙත සම්මාන ප්රදානය කරමින් වැදගත් දේශනයක් ද සිදු කළේය.
15වන පස්අවුරුදු සැලසුම් කාලය, විද්‍යා තාක්ෂණයෙන් රට බලගැන්වීමේ වැදගත් අදියරක් බව ෂී ජින්පිං මහතා පෙන්වා දෙයි. ඓතිහාසික අවස්ථා ප්‍රයෝජනයට ගෙන යුගයේ අභියෝගවලට මුහුණ දෙමින් උසස් මට්ටමේ විද්‍යා තාක්ෂණික ස්වාධීනත්වය ළඟා කර ගැනීම කඩිනම් කළ යුතු බවට ද ඔහු උපදෙස් දී තිබේ.
වසර 2035 වන විට විද්‍යා තාක්ෂණික අංශයෙන් බලවත් රටක් ගොඩනැගීම පිළිබඳ ඉලක්කය කරා ස්ථිර ව ගමන් කරමින් විද්‍යා තාක්ෂණික නවෝත්පාදනයෙන් චීනයට ආවේණික නවීකරණය ප්‍රායෝගික ව ඉදිරියට ගෙන යා යුතු බව ද ඔහු අවධාරණය කර ඇත. විද්‍යා තාක්ෂණික ක්ෂේත්රයේ නියැලෙන්නන්, රටට සේවා සලසමින් ජනතාවට සුබසෙත ගෙන දීමේ අනගි සම්ප්රදාය උරුම කර ගෙන එය තව තවත් විදහා පාමින්, විද්‍යා තාක්ෂණික අංශ බලගැන්වූ රටක් ගොඩනගා ගැනීම වෙනුවෙන් නව කැපකිරීම් සිදු කිරීමට බලාපොරොත්තු වන බව ද ෂී ජින්පිං ජනාධිපතිවරයා ප්‍රකාශ කළේය.
එම අවස්ථාවේදී චීන ජනාධිපතිවරයා වැඩිදුරටත් උපදෙස් දී තිබේ.
“ පළමුව, විද්‍යා හා තාක්ෂණ නවෝත්පාදනයේ පද්ධතිකරණය වැඩි දියුණු කළ යුතුය. දෙවනුව, විද්‍යා, තාක්ෂණ සහ කාර්මික නවෝත්පාදනයන් අතර ශක්තිමත් ඒකාබද්ධ කිරීම ප්‍රචලිත කළ යුතුය. තෙවනුව, තරුණ ප්‍රජාවගේ විද්‍යා හා තාක්ෂණ කුසලතා සංවර්ධනය කිරීම උපායමාර්ගික ව්‍යාපෘතියක් ලෙස සලකමින් එම පිරිසට අධ්‍යාපනය ලබා දීම, හඳුන්වාදීම සහ උපයෝගී කරගැනීම මනාව කළ යුතුය. සිව්වනුව, විද්‍යා හා තාක්ෂණ නවෝත්පාදනයේ කාර්යක්ෂමතාව වැඩි දියුණු කළ යුතුය. අදාළ ප්‍රතිපත්ති යාන්ත්‍රණ යාවත්කාලීන කර, ආයෝජනය සහ ප්‍රතිඵලය අතර තුලනය තහවුරු කළ යුතුය. පස්වනුව, මාර්ගෝපදේශන අංගයක් වන විද්‍යා හා තාක්ෂණ විනිශ්චය කටයුතුවල ප්‍රතිසංස්කරණය අඛණ්ඩ ව ශක්තිමත් කළ යුතුය. හයවනුව, විද්‍යා හා තාක්ෂණ ක්ෂේත්රයේ ආචාර ධර්ම සහ ආරක්ෂක පාලනය ශක්තිමත් කළ යුතුය. විද්‍යා හා තාක්ෂණ නිමැවුම් සමාජයට හිතකර, ආරක්ෂිත, පාලනය කළ හැකි සහ ජනතාවට ප්‍රයෝජනවත් වන සේ ප්‍රවර්ධනය කළ යුතුය. “
එම දේශනයට පෙර ෂී ජින්පිං මහතා, උත්තරීතර විද්‍යා හා තාක්ෂණ සම්මානයට හිමිකම් කියූ චීන විද්‍යා ඇකඩමියේ භෞතික පර්යේෂණ ආයතනයේ විද්වතෙකු වන Chen Liquan මහතා සහ චීන ඉලෙක්ට්‍රොනික් විද්‍යා තාක්ෂණ කණ්ඩායමේ 14වන පර්යේෂණ ආයතනයේ විද්වතෙකු වන Ben De මහතා වෙත සම්මාන පදක්කම් හා සහතික පත්‍ර පිරිනමා ඔවුන්ට සුබ පැතීම විශේෂත්වයකි.
More Stories
APEC නායක සමුළුවේ මාධ්‍ය මධ්‍යස්ථාන වෙබ්අඩවිය නිල වශයෙන් ක්‍රියාත්මක කෙරේ
දැඩි විනයකින් යුත් චීන කොමියුනිස්ට් පක්ෂ පාලනය පිළිබඳ ගෝලීය සංවාද මාලාව ආසියානු රටවල පැවැත්වේ
මධ්‍යගත ප්රජාතන්ත්රවාදය: චීනයට ආවේණික පාලන ක්රමයේ සුවිශේෂී දේශපාලන දැක්ම