චීන ජනාධිපති ෂී ජින් පිං මහතා රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් මහතා සමඟ සාකච්ඡාවක් පවත්වයි. ඒ අද (2) පෙරවරුවේ බෙයිජිං හි මහජන මහා ශාලාවේදී ය.
චීන-රුසියානු සබඳතාව විවිධ ජාත්‍යන්තර පරිවර්තන අභියෝගයන් හමුවේ, තිරසර අසල්වැසි මිත්‍රත්වය, විස්තීරණ උපායමාර්ගික සම්බන්ධීකරණය සහ පොදු ජයග්‍රාහී සහයෝගීතාව සහිත සබඳතාවක් සඳහා ආදර්ශයක් බවට පත්ව ඇති බව ෂී ජින් පිං මහතා එම අවස්ථාවේදී පෙන්වා දුන්නේය.
දෙරට නායකයින් දෙපාර්ශ්වයේම ලෝක ෆැසිස්ට් විරෝධී යුද්ධය ජයගැනීමේ අනුස්මරණ උත්සවයට එක් වීමෙන්, දෙවන ලෝක යුද්ධයේ ප්‍රධාන ජයග්‍රාහකයින් සහ එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ නිත්‍ය සාමාජිකයන් ලෙස දෙරට වගකීම ප්‍රායෝගිකව පෙන්නුම් කර ඇති බව ෂී ජින් පිං මහතා පවසා ඇත. දෙවන ලෝක යුද්ධයේ ජයග්‍රහණය ආරක්ෂා කිරීමට සහ අදාළ ඉතිහාසය පිළිබඳ නිවැරදි දැක්මක් පවත්වා ගැනීමට ඇති ස්ථිර අධිෂ්ඨානය ද ඉන් පිළිබිඹු කෙරෙන බව ඔහු පෙන්වා දුන්නේය.
විවිධ රටවල් සමඟ එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තියේ මූලධර්ම තහවුරු කරමින් වඩාත් සාධාරණ ගෝලීය පාලන පද්ධතියක් ගොඩනැගීම, ගෝලීය පාලන මුලපිරුමෙහි අරමුණ බව ෂී ජින් පිං මහතා අවධාරණය කළේය. එක්සත් ජාතීන්ගේ සංවිධානය, ෂැංහයි සහයෝගිතා සංවිධානය, BRICS සහ G20 ඇතුළු බහුපාර්ශ්වික වේදිකාවල දෙරට තවදුරටත් සහයෝගීතා ශක්තිමත් කළ යුතු බවත්, එක්ව අත්වැල් බැඳගෙන පොදු ඉරණමක් සහිත මානව ප්‍රජාවක් ගොඩනැගීමට කටයුතු කළ යුතු බවත් ෂී ජින් පිං මහතා පෙන්වා දුන්නේය.
චීන ජනාධිපති ෂී ජින්පිං මහතා සහ තමාගේ නායකත්වය යටතේ, රුසියානු-චීන සබඳතා ඉහළ උපායමාර්ගික වැදගත්කමක් පෙන්නුම් කර ඇති බවත්, එය ඓතිහාසික ඉහළම මට්ටමකට පැමිණ ඇති බවත් රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් මහතා පැවසීය. ලෝක ෆැසිස්ට් විරෝධී යුද්ධයේදී රුසියාව සහ චීනය අතර සහයෝගීතාවය නව යුගයේ රුසියානු-චීන සබඳතා වර්ධනයේ ශක්තිමත් පදනමක් බවට පත්ව ඇත. ජනාධිපති ෂී ජින් පිං මහතා ඉදිරිපත් කළ “ගෝලීය පාලන මුලපිරුම” අතිශයින්ම කාලෝචිත මෙන්ම නූතන ලෝකයට අවශ්‍ය වන අතර ගෝලීය පාලන හිඟය පියවීමේදී එය වැදගත් කාර්යභාරයක් ඉටු කරනු ඇතැයි විශ්වාස කරන බවද ඔහු වැඩිදුරටත් කියා සිටියේය.
එදින දහවල් ෂී ජින්පිං මහතා සහ ව්ලැඩිමීර් පුටින් මහතා එක්ව තේපැන් සංග්‍රහය සහ භෝජන සංග්‍රහය සඳහා ද සහභාගී වූහ.
බලශක්ති, අභ්‍යවකාශ, කෘත්‍රිම බුද්ධිය, කෘෂිකර්මාන්තය, වෛද්‍ය පරීක්ෂණ හා නිරෝධායනය, විද්‍යාත්මක පර්යේෂණ, අධ්‍යාපනය සහ මාධ්‍ය යනාදී ක්ෂේත්‍ර පිළිබඳ ද්විපාර්ශ්වික සහයෝගිතා ලේඛන 20 කට අධික සංඛ්‍යාවකට එහිදී අත්සන් තැබිණ.
ෂැංහයි සහයෝගිතා සංවිධානයේ රාජ්‍ය නායක කවුන්සිලයේ 25 වන සමුළුව සහ ජපන් ආක්‍රමණයට එරෙහි චීන මහජන යුද්ධය හා ලෝක ෆැසිස්ට් විරෝධී යුද්ධය ජයගැනීමේ 80 වන සංවත්සරයේ අනුස්මරණ උත්සවයට එක් වීම සඳහා රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් මහතා චීනයට පැමිණ සිටී.
More Stories
චීන මහජන දේශපාලන උපදේශක සභාවේ 14වැනි ජාතික කමිටුවේ සිව්වන සැසිවාරය පිළිබඳ මාධ්‍ය හමුව මාර්තු 3වැනිදා පැවැත්වේ
මැද පෙරදිග ප්‍රදේශයේ තත්ත්වය පිළිබඳව චීන-රුසියානු විදේශ අමාත්‍යවරුන් අතර දුරකථන සාකාච්ඡාවක්
ඉරාන උත්තරීතර නායකයා ඝාතනය කිරීම චීනය දැඩිව හෙළා දකී