බ්‍රික්ස් රටවල ආරක්ෂක නියෝජිත රැස්වීමක් එළඹෙන 22 වනදා සිට 23 වනදා දක්වා ඉන්දියාවේදී පැවැත්වේ. ඉන්දියාවේ ජාතික ආරක්ෂක උපදේශක Ajit Doval මහතාගේ ආරාධනයෙන්, චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ දේශපාලන කාර්යාංශ සාමාජික, විදේශ අමාත්‍ය Wang Yi මහතා මෙම දෙදිනක් පුරා පැවැත්වෙන බ්‍රික්ස් රටවල ආරක්ෂක කටයුතු පිළිබඳ ජ්‍යෙෂ්ඨ නියෝජිතයන්ගේ රැස්වීමට සහභාගි වීමට නියමිතය. චීන විදේශ අමාත්‍යංශයේ ප්‍රකාශක Lin Jian ඊයේ(18) මේ බව ප්‍රකාශ කළේ ය.
මෙම රැස්වීම අතරතුර, වත්මන් ජාත්‍යන්තර ආරක්ෂක තත්ත්වය, ප්‍රධාන ජාත්‍යන්තර හා කලාපීය ගැටලු සහ සාම්ප්‍රදායික මෙන්ම සාම්ප්‍රදායික නොවන ආරක්ෂක අභියෝග පිළිබඳව චීනය බ්‍රික්ස් සාමාජිකයින් සමග අදහස් හුවමාරු කර ගනු ඇති බව Lin Jian මහතා පැවසීය. එමෙන්ම, මෙම වසරේ සැප්තැම්බර් මාසයේ පැවැත්වෙන බ්‍රික්ස් නායකයින්ගේ සමුළුව සඳහා මෙය දේශපාලන සූදානමක් ද වනු ඇත. මෙම රැස්වීම අවස්ථාවක් ලෙස ගෙන, බ්‍රික්ස් සාමාජිකයින් සමග මනා සන්නිවේදනය සහ සම්බන්ධීකරණය පවත්වා ගනිමින්, දේශපාලන ආරක්ෂක ක්ෂේත්රවල බ්‍රික්ස් සාමාජිකයින්ගේ සහයෝගීතාව අඛණ්ඩව ශක්තිමත් කළ හැකි යැයි චීනය බලාපොරොත්තු වන බව ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත.
More Stories
APEC නායක සමුළුවේ මාධ්‍ය මධ්‍යස්ථාන වෙබ්අඩවිය නිල වශයෙන් ක්‍රියාත්මක කෙරේ
දැඩි විනයකින් යුත් චීන කොමියුනිස්ට් පක්ෂ පාලනය පිළිබඳ ගෝලීය සංවාද මාලාව ආසියානු රටවල පැවැත්වේ
මධ්‍යගත ප්රජාතන්ත්රවාදය: චීනයට ආවේණික පාලන ක්රමයේ සුවිශේෂී දේශපාලන දැක්ම