Hainan නිදහස් වෙළඳ වරායේ, නිදහස් රේගු මෙහෙයුම ක්‍රියාත්මක කිරීමෙන් පසු එළැඹි මාස හය තුළ වරායෙහි ගුවන් සේවා ආශ්රිත කර්මාන්ත අඛණ්ඩ ව වැඩිදියුණු වෙමින් පවතින අතර, නව ව්‍යාපාර ආකෘති පිළිවෙලින් ක්‍රියාත්මක වෙමින් පවතී. එමගින් Hainan පළාතේ සේවා වෙළඳාමේ වේගවත් සංවර්ධනය අඛණ්ඩව ප්‍රවර්ධනය කරයි.
එහි නිදහස් රේගු මෙහෙයුම් ක්‍රියාත්මක කිරීමෙන් පසු, සියලුම ගුවන් යානා අංගනයන්හි ගුවන් යානාවල ප්‍රධාන අලුත්වැඩියාවන්, කොටස් අලුත්වැඩියා කිරීම සහ සම්පූර්ණ ගුවන් යානා පින්තාරු කිරීම ඇතුළු විවිධ නඩත්තු සේවා අඛණ්ඩ ව සිදු කර ඇත.
සංඛ්‍යා ලේඛනවලට අනුව, ගෙවී ගිය මාස හය තුළ, Hainan පළාතේ Haikou අගනුවරට නඩත්තුව සඳහා ගුවන් යානා 61ක් ඇතුළත් කර ඇති අතර, එහි මුළු වටිනාකම යුවාන් බිලියන 34.69 ක් වන අතර එය පසුගිය වසරට වඩා 36% ක වැඩිවීමකි.
ගුවන් යානා නඩත්තු කිරීමට අමතර ව, මෙම වසරේ ජුනි මස මුලදී, නිදහස් රේගු මෙහෙයුම් ක්‍රියාත්මක කිරීමෙන් පසු “ශුන්‍ය තීරුබදු” නිෂ්පාදනයක් ලෙස පළමු මගී ගුවන් යානය රේගුව හරහා සාර්ථකව චීනයට ඇතුළු විය.
More Stories
APEC නායක සමුළුවේ මාධ්‍ය මධ්‍යස්ථාන වෙබ්අඩවිය නිල වශයෙන් ක්‍රියාත්මක කෙරේ
දැඩි විනයකින් යුත් චීන කොමියුනිස්ට් පක්ෂ පාලනය පිළිබඳ ගෝලීය සංවාද මාලාව ආසියානු රටවල පැවැත්වේ
මධ්‍යගත ප්රජාතන්ත්රවාදය: චීනයට ආවේණික පාලන ක්රමයේ සුවිශේෂී දේශපාලන දැක්ම