10 වැනි චීන-දකුණු ආසියානු ප්‍රදර්ශනය ඊයේ(11) නිරිතදිග චීනයේ Yunnan පළාතේ Kunming නගරයේ දී ආරම්භ වුණා. රටවල්, ප්‍රදේශ මෙන්ම ජගත් සංවිධාන 60කට වැඩි ප්‍රමාණයක් ඊට සහභාගී වූ අතර එහි ප්‍රදර්ශන පරිමාණය හා ජාත්‍යන්තර දායකත්වය ඓතිහාසික නව වර්තාවක් නිර්මාණය සනිටුහන් කර තිබෙනවා. සියලු දකුණු ආසියානු රටවල් ආවරණය කෙරෙන මේ වසරේ ප්‍රදර්ශනයට ව්‍යවසායන් 560ක් එක්ව සිටිනවා. ඊට අමතරව, තවත් දෙස් විදෙස් ප්‍රධාන කර්මාන්ත ව්‍යවසාය 100ක් මෙන්ම ගැනුම්කරුවෝ 1500කට වැඩි පිරිසක් ඊට සහභාගි වී සිටින බවයි වාර්තා වන්නේ.
“සමගිය, සහයෝගිතාව සහ සංවර්ධනය වෙනුවෙන් එක්ව කටයුතු කිරීම”මැයෙන් මේ වසරේ ප්‍රදර්ශනයේ විශේෂ තේමා ප්‍රදර්ශන ශාලා 16කින් සමන්විතයි. කෘත්‍රිම බුද්ධිය, හරිත බලශක්තිය, නවීන නිෂ්පාදනය යන ක්ෂේත්‍ර ඊට ඇතුළත් වනවා. ඉන් චීනය හා දකුණු ආසියානු මෙන්ම ආසියාන් රටවල් අතර විවෘත සහයෝගිතාවේ වඩාත් වැඩි ජයග්‍රහණ ලබා ගැනීම ප්‍රවර්ධනය කරනවා. ඊට අමතරව, මේ වසරේ දී ප්‍රථම වරට සේවා වෙළඳ ප්‍රදර්ශන ශාලාව ස්ථාපිත කර ඇති අතර එහි සේවා වෙළඳ ප්‍රධාන කර්මාන්ත ව්‍යුහය හා නවෝත්පාදන ජයග්‍රහණ ඉදිරිපත් කර තිබීමත් විශේෂත්වයක්.
මෙම වසරේ දකුණු ආසියානු ප්‍රදර්ශනයේ ප්‍රධාන ආරාධිත රට බංග්ලාදේශයයි. වර්ග මීටර් 360ක ජාතික මණ්ඩපයක්, සම්මත කුටි 84ක් ස්ථාපිත කර ඇති අතර බංග්ලාදේශයේ ප්‍රධාන කර්මාන්ත හතක් නියෝජනය කරමින් ව්‍යවසායන් 100කට අධික සංඛ්‍යාවක් ඊට සහභාගී වී සිටිනවා.
More Stories
රාජ්‍ය සංචාරයක් සඳහා උතුරු කොරියාවට පැමිණි චීන ජනපති වෙත උණුසුම් පිළිගැනීමක්
චීන ජනපති උතුරු කොරියාවේ රාජ්‍ය සංචාරයකට බෙයිජිං නගරයෙන් පිටත් වේ
උතුරු කොරියානු පුවත්පතක චීන ජනපතිගේ ලිපියක් පළ කෙරේ