ජපානයේ මෑත කාලීන වැරදි ප්‍රකාශ සහ ක්‍රියාවන් රැසකට ප්‍රතිචාර වශයෙන්, ජාත්‍යන්තර ප්‍රජාව, ජපානයේ “නව ආකාරයේ මිලිටරිවාදය” නැගී සිටීමට ගන්නා වූ උත්සාහයන් තරයේ ම මර්දනය කළ යුතු බව චීන විදේශ අමාත්‍යාංශය ප්‍රකාශ කරයි. එහි ප්‍රකාශක Lin Jian මහතා ඊයේ (01) පැවති නිත්‍ය මාධ්‍ය හමුවේදී මේ බව ප්‍රකාශ කළේය.
ජපානයේ ආරක්ෂක ඇමතිවරයා 23 වන ෂැංග්‍රි-ලා සංවාදයේදී ප්‍රකාශ කළේ ජපානය “නව ආකාරයේ මිලිටරිවාදයක්” ලෙස ලේබල් කිරීමට තමන් විරුද්ධ බවයි.
ඒ සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වමින් Lin Jian මහතා පැවසුවේ, ජපාන නිලධාරීන්ගේ ප්‍රකාශ පදනම් විරහිත වන අතර ආසියානු කලාපයේ ඔවුන්ගේ අසල්වැසි රටවලට මෙන්ම ජාත්‍යන්තර ප්‍රජාවට ද අදාළ ප්‍රකාශ විශ්වාස කළ නොහැකි බවයි.
මේ අතර රුසියානු-යුක්රේන ගැටුම්වලින් ලද අත්දැකීම් පිළිබඳ නිසි අධ්‍යයනයක් කිරීමට, නේටෝ සංවිධානයේ යුක්රේන ආරක්ෂක සහාය හා පුහුණු වැඩසටහනට අදාළ මූලස්ථානය වෙත ජපාන ස්වයං ආරක්ෂක හමුදා සාමාජිකයින් කිහිප දෙනෙකු අනුයුක්ත කිරීමට පියවර ගන්නා බව ජපාන ආරක්ෂක අමාත්‍යාංශය ප්‍රකාශ කළේය.
නේටෝ සංවිධානය සමඟ සහයෝගීතා ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් ජපානය ගන්නා මෙවැනි අනිසි පියවර පිළිබඳව චීනය බරපතල කනස්සල්ල පළ කරන බව ද Lin Jian මහතා එහිදී වැඩිදුරටත් කියා සිටියේය.
More Stories
APEC නායක සමුළුවේ මාධ්‍ය මධ්‍යස්ථාන වෙබ්අඩවිය නිල වශයෙන් ක්‍රියාත්මක කෙරේ
දැඩි විනයකින් යුත් චීන කොමියුනිස්ට් පක්ෂ පාලනය පිළිබඳ ගෝලීය සංවාද මාලාව ආසියානු රටවල පැවැත්වේ
මධ්‍යගත ප්රජාතන්ත්රවාදය: චීනයට ආවේණික පාලන ක්රමයේ සුවිශේෂී දේශපාලන දැක්ම