2026 වසරේ APEC සංවිධානයේ වෙළඳ අමාත්‍යවරුන්ගේ රැස්වීම අද(22) පෙරවරුවේ චීනයේ Jiangsu පළාතේ Suzhou නගරයේ දී ඇරඹිණ.
මෙම වසර, චීනය එපෙක් සංවිධානයේ සත්කාරකත්වය දරන තුන්වැනි වසරයි. ආසියා ශාන්තිකර කලාපයේ හා ගෝලීය ආර්ථික හා වෙළඳ ප්රතිපත්තීන් සඳහා වන ‘මගපෙන්වීමක්’ ලෙසට APEC සංවිධානයේ වෙළඳ අමාත්‍යවරුන්ගේ රැස්වීම සැලකේ. මෙවර රැස්වීම මගින්, එපෙක් චීන වසරේ තේමාව වන ‘පොදු ඉරණමක් සහිත ආසියා ශාන්තිකර ප්‍රජාව ගොඩනගමින් පොදු සමෘද්ධිය තහවුරු කිරීම’ කේන්ද්‍ර කර ගනිමින් ප්‍රධාන ක්ෂේත්‍ර හතරක සහයෝගිතා වෙත අවධානය යොමු කරනු ඇත. ආසියා ශාන්තිකර කලාපයන්හි නිදහස් වෙළඳ ප්‍රදේශ සංවර්ධනය, බහුපාර්ශ්වික වෙළඳ පද්ධතිය ආරක්ෂා කිරීම, ඩිජිටල් සහයෝගීතාව හා හරිත ආර්ථිකය යනාදී අංශ ඊට ඇතුළත් ය.
More Stories
චීන විදේශ අමාත්‍යවරයා සහ කැනේඩියාවේ අගමැතිවරයා අතර හමුවක්
යුරෝපා කොමිසම වෙනස් ව සැලකීමේ සීමාවන් ක්‍රියාත්මක කරන්නේ නම් චීනය දැඩි ප්‍රති පියවර ගනු ඇත-චීන වාණිජ අමාත්‍යාංශය
Shenzhou 21 ගගනගාමීහූ සාර්ථකව යානයෙන් පිටතට පැමිණෙති