නවමු මුහුණුවරකින් යුතුව හමුදා සංවර්ධනය ඉදිරියට ගෙන යා යුතු බව චීන ජනාධිපති ෂී ජින් පිං මහතා පෙන්වා දෙයි. චීන මහජන විමුක්ති හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ පුහුණු පාඨමාලාව අද (8) පෙරවරුවේ චීන ජාතික ආරක්ෂක විශ්වවිද්‍යාලයේදී ආරම්භ කෙරිණ. චීන ජනාධිපති, චීන මධ්‍යම හමුදා කොමිසමේ සභාපති ෂී ජින් පිං මහතා එම අවස්ථාවට එක් වෙමින් දේශනයක් පැවැත්වීය.
චීන මහජන විමුක්ති හමුදාව ස්ථාපිත කිරීමේ ශතවර්ෂය ලබන වසරේ සපිරේ. එම සුවිශේෂ අවස්ථාව පිළිගැනීම වෙනුවෙන් නවමු මුහුණුවරකින් යුතුව හමුදා සංවර්ධනය ඉදිරියට ගෙන යා යුතු බව හෙතෙම එහිදී පෙන්වා දුන්නේ ය. ඒ සඳහා නව යුගයේ චීන ලක්ෂණයෙන් යුත් සමාජවාදී චින්තනය මූලික කර ගනිමින් හමුදා තුළ විනය හා දේශපාලන ගුණාත්මකභාවය ශක්තිමත් කිරීමේ අවශ්‍යතාව හෙතෙම අවධාරණය කළේය. චීන කොමියුනිස්ට් පක්ෂය සැමවිටම මහජනතාවගේ යහපතට මුල් තැන දෙන, ඕනෑම ආකාරයක දූෂණ වංචාවකට විරුද්ධ වන මාක්ස්වාදී දේශපාලන පක්ෂයකි. සෑම හමුදා සාමාජිකයෙකු විශේෂයෙන් හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීයෙකු චීන මහජන විමුක්ති හමුදාවේ උරුමයන් තවදුරටත් ඉදිරියට ගෙන යමින් විනයගරුක ආදර්ශයක් විය යුතු බව ද චීන ජනාධිපතිවරයා සිය දේශනයෙන් අවධාරණය කර ඇත.
More Stories
චීන හා වියට්නාම ජනපති ආර්යාවෝ චීන ජාතික මහා රඟහල නරඹති
ඇමරිකාව ඊනියා හේතුවක් මත චීනයට එරෙහිව තීරු බදු පැනවුවහොත් ඒ සම්බන්ධයෙන් දැඩි ප්‍රති පියවර ගන්නා බවට චීනයෙන් ප්‍රකාශයක්
ඉරාන වරායන්ට ඇතුළු වන සහ පිටවන නෞකා ඇමරිකාව අවහිර කිරීම ආතතීන් තවත් උග්‍ර කරන බව චීනය කියයි