යුද්ධයෙන් ගැටුම් නිරාකරණය කළ නොහැකි බවත්, යුදමය මෙහෙයුම් කඩිනමින් නතර කරන ලෙස චීනය අදාළ පාර්ශ්වයන්ගෙන් යළි ඉල්ලන බවත් චීන විදේශ අමාත්‍යාංශය පවසයි. එහි ප්‍රකාශිකා Mao Ning මහත්මිය ඊයේ(02) පැවති නිත්‍ය මාධ්‍ය හමුවකදී මේ බව කියා සිටියාය.
ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කළේ ඉරානයට එරෙහිව අඛණ්ඩව ප්‍රබල ප්‍රහාර එල්ල කරනු ඇති බවත් එය තවදුරටත් සති 2ත් 3ත් අතර කාලයක් පවතිනු ඇති බවත්ය. එමෙන්ම, ඉරානය තමා සමග සාකච්ඡා මේසයේ දී විසඳුම්වලට පැමිණීමට අකමැති නම්, ඇමරිකාව, එරට බලශක්ති යටිතල පහසුකම්වලට ප්‍රහාර එල්ල කරනු ඇති බවට ද ට්‍රම්ප් යළි තර්ජනය කර ඇත.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් චීන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශිකාව සඳහන් කළේ, අදාළ පාර්ශ්වයන් හැකි ඉක්මනින් සාකච්ඡා ක්‍රියාදාමය ආරම්භ කර, ලෝක ආර්ථිකය හා ගෝලීය බලශක්ති ආරක්ෂාවට අනිසි බලපෑම් එල්ල කිරීම වළක්වන ලෙස චීනය යළි ඉල්ලීමක් කර ඇති බවයි.
More Stories
චීන හා වියට්නාම ජනපති ආර්යාවෝ චීන ජාතික මහා රඟහල නරඹති
ඇමරිකාව ඊනියා හේතුවක් මත චීනයට එරෙහිව තීරු බදු පැනවුවහොත් ඒ සම්බන්ධයෙන් දැඩි ප්‍රති පියවර ගන්නා බවට චීනයෙන් ප්‍රකාශයක්
ඉරාන වරායන්ට ඇතුළු වන සහ පිටවන නෞකා ඇමරිකාව අවහිර කිරීම ආතතීන් තවත් උග්‍ර කරන බව චීනය කියයි