April 16, 2026

“ෂී ජින්පිං ජනාධිපතිවර‍යාගේ නායකත්වය යටතේ දරිද්‍රතාවයෙන් මුදාගැනීම” නමැති ග්‍රන්ථය පිළිබඳ වැඩමුළුවක්

“ෂී ජින්පිං ජනාධිපතිවර‍යාගේ නායකත්වය යටතේ දරිද්‍රතාවයෙන් මුදාගැනීම”නමැති ග්‍රන්ථය ඇසුරෙන් සංවිධාන කෙරුණු වැඩමුළුවක් ඊයේ (26) බෙයිජිං හිදී පැවැත්විණ. චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ දේශපාලන කාර්යාංශයේ සාමාජික සහ චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ ප්‍රචාරක දෙපාර්තමේන්තුවේ ප්‍රධානී Li Shulei මහතා එම අවස්ථාවට එක් විය.

දරිද්‍රතාවය පිටුදැකීමේ ඓතිහාසික ජයග්‍රහණ සහ ඉන් ලද ශක්තිය එම ග්‍රන්ථයෙන් විචිත්‍රවත්ව පෙන්නුම් කෙරෙන බව එම වැඩමුළුවට සහභාගිවූවෝ අදහස් දක්වමින් පැවසූහ.

එම ග්‍රන්ථය ප්‍රකාශයට පත් කිරීමත් සමඟ, චීනය දරිද්‍රතාවය පිටු දැකීමේ චින්තනය සහ ජයග්‍රහණ පිළිබඳ ප්‍රචාර කටයුතු තවදුරටත් ප්‍රවර්ධනය කළ යුතු බව එම වැඩමුළුවේදී පෙන්නුම් කෙරිණ.

එම වැඩමුළුව චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ ප්‍රචාරක දෙපාර්තමේන්තුව සහ චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ පක්ෂ පාසල විසින් ඒකාබද්ධව සංවිධානය කරන ලද අතර, 100කට ආසන්න පිරිසක් එම අවස්ථාවට සහභාගී වූහ.

About The Author