චීන මහජන දේශපාලන උපදේශක සභාවේ 14වැනි ජාතික කමිටුවේ 4වැනි සැසිවාරය නිමාවට පත් වුණා. ඒ අද(11) උදෑසනට බෙයිජිං හි මහජන මහා ශාලාවේදී.
චීන ජනාධිපති ෂී ජින්පිං මහතා ඇතුළු චීන කොමියුනිස්ට් පක්ෂයේ හා රජයේ නායකයෝ එම අවස්ථාවට එක්ව සිටියා. චීන මහජන දේශපාලන උපදේශක සභාවේ ජාතික කමිටුවේ ස්ථාවර කොමිසමේ කාර්ය වාර්තාව පිළිබඳ 14වැනි ජාතික කමිටුවේ සිව්වැනි සැසිවාරයේ තීරණය එහිදී සම්මත කෙරුණා. න්‍යාය පත්‍රයේ සියල්ල සම්පූර්ණ කිරීමෙන් අනතුරුව චීන මහජන දේශපාලන උපදේශක සභාවේ 14වැනි ජාතික කමිටුවේ සිව්වැනි සැසිවාරය නිල වශයෙන් නිමාවට පත් ව තිබෙනවා.
More Stories
10 වැනි චීන-දකුණු ආසියානු ප්‍රදර්ශනය ඇරඹේ
රාජ්‍ය සංචාරයක් සඳහා උතුරු කොරියාවට පැමිණි චීන ජනපති වෙත උණුසුම් පිළිගැනීමක්
චීන ජනපති උතුරු කොරියාවේ රාජ්‍ය සංචාරයකට බෙයිජිං නගරයෙන් පිටත් වේ